• Kotupawura Hewath Medhananda - කොටුපවුර හෙවත් මේධානන්ද

බතින් බුලතින් සරුසාර වූ නිල්ලෙන් පෙඟුණ ලැදිව පරංගී පැමිණීමත් සමග සිදු වූ වෙනස ඇසට පමණක් නොව හිතටද දැනෙන තරම් විශාල ය. පුරන් කුඹුරු යායවල් එකල ගැමියන් හා ගමිලියන්ගේ දහදියෙන් පෝෂණය වී රන්වන් පාටින් දිලිසුණ අයුරු දැන් දරුවන්ගේ මතකයේ නැති තරම් ය. ටිකිරි බණ්ඩාරයනටද යුද කරනු විනා රට හැදීමට කාල වෙලාවක් නැත. වරෙක උඩරට සීතාවකට ඈඳා ගැනීමට හිතවත් දේවානන්ද සෙනෙවියා හා රහස් සන්නස් හුවමාරු කරගත් රජු රැවටිල්ලකට හසු වූ බව දැන කෝපයෙන් වියරු වැටි සිටියේ ය. මේ අතරාම කොළඹ පරංගී බලකොටුව අනවසරයෙන් ම ශක්තිමත් වෙමින් තිබුනේය. මේ සියලු කාරණා නිසා යකාගේ කම්මලක් බවට පත් වූ රජුගේ මනස ජනතාව දෙසට එල්ල නොවී ය.  


රාජසිංහ රජු කෙතරාම් හොඳ යුද ශිල්පියෙකු උවද කිසිවෙකුත් විශ්වාස නොකළේ ය. එසේම ජනතාවද නොනවත්වා වන සටන් නිසා හෙම්බත්ව සිටියෙන් රජු කෙරෙහි  කලකිරුණේ ය. සිංහලයා රජුට පක්ෂපාති වුයේ දැඩි පාලනයට නතුවීම නිසා මිස රජුට හිතෛෂී නිසා නොවන බව හොඳාකාරව දැනසිටි රජතුමාගේ එකම විශ්වාසවන්තයා වූයේ මේධානන්දයන් පමණි. මේ සියලු කාරණා මෙනෙහි වන විට මේධනන්දයන්ගේ රා පිට කළු ගලක් තැබුවාක් මෙන් වෙහෙසට පත්වන්නේ ය. ඒ හීනමානයට දිගු ඉතිහාසයක් තිබේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kotupawura Hewath Medhananda - කොටුපවුර හෙවත් මේධානන්ද

  • Rs. 600.00