කාලය හා එකව
දිනෙන් දින වැඩෙන
කොහේ සිට ආවා ද මේ සුළඟ
විටෙක රුපියල් ශත අතරට ද
විටීක ඩොලර් රූබල් අතර ද
ගැවසෙමින්
සෝදාපාළු කරමින්
දිළින්දන්ගේ පසුම්බි
කොහේ සිට ආවා ද මේ සුළඟ
ගැවසෙන තරු පංති අතරට
ගෙන දෙමින් තව තවත් සහන
හටහර අතින්ම එකතු කර
ගොඩ ගසමින් ඒ අතරට
කොහේ සිට ආවා ද මේ සුළඟ
හමා යන සුළඟට එරෙහිවන
ගස්කොළන් ගල් වැටි මල් කැකුලු
තළා පාගා සුනු විසුනු කරනට
වෙර වීරිය ගෙන දෙන
කොහේ සිට ආවා ද මේ සුළඟ
වරක් දෙවතාවක් එකට එක් ව
සුළඟට එරෙහි වූ
ගස්කොළන් ගල් වැටි මල් කැකුලු
දවසක ආයෙමත් එක් වී
මට්ටු කරාවිද මේ සුළඟ
Kohe Sita Awa Da Me Sulanga - කොහේ සිට ආවා ද මේ සුළඟ
- Publisher: Saknada Publications - සක්නද ප්රකාශන
 - Categories:
 - - Poetry - කවි
 - - සිංහල කවි
 - - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
 - - Dinesha Madhuwanthi - දිනේෂා මධුවන්ති
 - ISBN: 9786245556212
 - Availability: Available
 
- 
              
Rs. 500.00
 

