• Masurage Diyaniya - මසුරාගේ දියණිය

"තාත්තෙ, තාත්ත මට දෙන තෑගි මට කැමති විදියට පාවිච්චි කරන්න මට නිදහස නැත්නම් කරුණාකරලා ඒවා ආපහු ගන්න” යි ඉවුෂෙනී නොසැලිකිලිමත් ලෙස කීවාය. එසේ කියූ ඈ මීට ටික වෙලාවකට පෙර පියා විසින් ඇයට දෙන ලද ෆ්‍රෑන්ක් විස්සේ රන් කාසිය ගිනි උදුනේ රාක්කයෙන් ගෙන ඔහු වෙත දිගු කළාය. ග්‍රොංදේ සැණෙන් ඉදිරියට පැන එය ඩැහැගෙන කබායේ සාක්කුවට දමා ගත්තේය.

"සත්තකින්ම මම මීට පස්සෙ කිසිම දෙයක් උඹට දෙන්නෙ නෑ. එක තඹසල්ලියක්වත් දෙන්නෙ නෑ” යි ඔහු කීවේය. " එතකොට උඹ තාත්ත නීච කොටයි සලකන්නේ. එහෙමද? තාත්ත ගැන උඹේ විශ්වාසයක් නෑ? ‘තාත්තා’ කියන වචනෙ තේරුම උඹ දන්නෙ නෑ? උඹේ තාත්ත උඹට ඔක්කොටම වැඩිය වටින්නෙ නෑ කියන්නෙ කොහොමත් වටින්නෙ නෑ කියන එක. උඹේ සල්ලි කෝ?”

*****

Honoré de Balzac ලියූ Eugénie Grandet කෘතියේ සිංහල පරිවර්තනය

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha