• Shriyantha Ada Siyawasaka Rangyathrikaya - ශ්‍රියන්ත - අඩසිය වසක රංගයාත්‍රිකයා

මෙන්ඩිස් Special

මෙන්ඩිසුන් අපගේ සමකාලීනයකු වුව ද ආරම්භයේ පටන්ම අපි ඔහුගේ රසිකයන් ද වීමු. ඒ ඔහු කලා කෘතියක් තුළින් යම් චරිතයක් ප්‍රකාශමාන කරන විට පමණක් නොවේ, ඔහු තම චරිතය තුළම ජීවත් වෙමින් අප හතර වටේ සැබෑවට සැරිසරන විටදී ද වෙයි.

මින් ධ්වනිත වන්නේ ශ්‍රියන්තයන් කුමක් කරමින් සිටියදී ඔහුගේ කාලය ගෙවී යන්නේ ද වශයෙන් තරමක් කුතුහලය මුසු ප්‍රශ්නයක් අප තුළ තිබූ බව නොවේ. ඔහු සමඟ සිටියදී අපගේ කාලය අධික වේගයකින් ගලා යෑම පිළිබඳ ප්‍රශ්නයක් අප තුළ තිබූ බවය.

මෙන්ඩිසුන් අති දක්ෂ නළුවකු මෙන්ම, අති ජනප්‍රිය නළුවකු ද බව දන්නා අප රටේ බොහෝ දෙනා නොදන්නා දෙයක් ද වෙයි. ඒ ඔහු ඉතාම දුර්ලභ ගණයේ නළුවකු ද බවය.

පුද්ගල චිත්ත ගවේෂණය (The reonnaissance of the mind) යනු නළුවකු සතු යුතුකමක් පමණක් නොව, වගකීමක් ද වෙයි. මෙන්ඩිසුන් මේ වගකීමට පිවිසෙන්නේ ලෝකයේ බොහෝ රංගන වෘත්තිකයන් පිවිසෙන ආරකට නොවන බව මම අත්දැකීමෙන් දනිමි. ඔහු පිටපත ද, පිටපත රචනා කළ එකා ද පමණක් නොව, පිටපත ගෙන එන්නා ද, (නිෂ්පාදනය ද) කියවයි. රචකයාගේ වෙනත් කෘති ද, රචනා ද කියවයි.

ප්‍රංශ දාර්ශනිකාවක වන ජූලියා ක්‍රිස්ටේවා (1960) විසින් විවරණය කරන ලද කෘති අන්තර්ගතිකත්වය (intertextuality) සාහිත්‍ය හා සිනමාව අරභයා අපි දැනටමත් කියවා ඇත්තෙමු. මා ශ්‍රියන්ත දකින්නේ එය රූපණය හරහා කියවා ගන්නකු බවයි. මේ නිසා ඔහුට පැය 24 මඳය.

මේ මඳකම විසින් මනසත්, කයත් අතර තෙරපුමක් බිහි කෙරේ. ඒ නිසා ඇතුළත මනෝකාය එළියට පැන ඔහු වසාගත් බුබුළක් (bubble) නිර්මාණය කරයි. මේ හේතුවෙන් ඔහු රංගනයේ නොයෙදෙන විට ද අපට ඔහු සිනමාවකි. නාට්‍යයකි. මේ ලක්‍ෂණය මා මීට පෙර දැක ඇති ශ්‍රී ලංකාවේ එකම රංගධරයා ගාමිණී ෆොන්සේකා පමණකි.

මේ රූපණ කලාකරුවාගේ විශිෂ්ට බව සහ දුර්ලභ බව නිසි ශාස්ත්‍රීය ඇගයීමකට ලක් නොකෙරුණු (එය අප රටේ බොහෝ විශිෂ්ට රංගනවේදීන් සඳහා වූ පොදු අවාසනාවන්ත තත්ත්වයකි) සහ ඇතැම්විට ඒ සඳහා මාර්ග ඔහු විසින්ම අසුරා ගනු ලැබූ සංදර්භයක් තුළ සිට වුව ද ඔහු පුදනු ලබන උළෙලට අභිරුචියෙන් පැමිණෙමි. අර්ධ ශතකයක් මුළුල්ලේ ඔහු විසින් මේ රටේ ජනතාවට පිරිනමන ලද සම්ප්‍රදායන් පිළිබඳ ගෞරවයෙන් මෙබඳු අංශුමාත්‍ර සටහනක් හෝ ලිවීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටු වෙමි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Shriyantha Ada Siyawasaka Rangyathrikaya - ශ්‍රියන්ත - අඩසිය වසක රංගයාත්‍රිකයා

  • Rs. 2,000.00