• Colombo Colombo - කලම්බෝ කලම්බෝ

බ්‍රෙෂ්ටි, ඉන්දිකගේ Colombo කළම්බෝ නාට්‍යට කදිම ප්‍රේක්ෂකයෙකු විය හැකිව තිබූ බව නො අනුමානය. මක් නිසාද යත් ඔහු අපේක්ෂා කල අකාරයේ අද්‍යතන ලෝකය නාට්‍ය මගින් නිරූපනයට අතිශය යෝග්‍ය වූ රංග ක්‍රමයක් නිපදවා ගැනීමට මෙම තරුණ නාට්‍යකරුවා සමත් වී තිබීමයි. අතිශය ආස්වාදජනක සාන්දෘෂ්ටික ඔපෙරාවක් ලෙස හැදින්විය හැකි මෙම නාට්‍ය 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී වසරේ හොඳම නාට්‍යය වශයෙන් අභිෂේක ලැබීම මාගේ උක්ත නිගමනය තහවුරු කිරීමක් ලෙස මම සලකමි. එමෙන්ම  එය පසුගිය දශක දෙක තුල  ලංකාවේ නිෂ්පාදිත හොඳම නාට්‍ය නිර්මාණ  කිහිපයෙන් එකක් බව ද නිසැකය. එයින් පසු නිෂ්පාදිත බොහෝ නාට්‍යවල Colombo කලම්බෝ හි සෙවණැල්ල දැකිය හැකි වන්නේ ඒ නිසාය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha