ජනකයි ප්‍රශාන්තනුයි මුණගැසුණේ මං හින්දා. එහෙම තමයි විශ්ව සත්‍ය සම්බන්ධතා ගොඩනංවන්නෙ. මාව සොයා ගෙන ඈත වන්නියේ ඉඳල ඇළහැරට ආපු මේ ද්‍රවිඩ ජාතික තරුණයා තුළ සුවිශේෂීතාවන් කිහිපයක් තිබුණු බව මට පෙනුණා.
ජාතිති වාදය ප්‍රතික්‍ෂේප කරන දේශපාලන දහරාවක උරුමයක් තියෙන මට ප්‍රශාන්තන්ගෙ ජාතිය, ජන්මය අදාළ වුණේ නෑ.
ප්‍රශාන්තන් මගේ ළඟ ටික කාලයක් හිටියා. තාමත් යනවා එනවා. ඒ වගේම හැමදාමත් හදවතින් ඉන්නවා කියල මට තේරෙනව.
ඔහුම කියන විදිහට ඔහුට තවමත් එක තැනක එක විදියට ඉන්න බෑ. ඔහු යමක් සොයා ගෙන යනවා.
ප්‍රශාන්තන්ගෙ මේ ගාය තේරුම් ගත්ත ජනක, ප්‍රශාන්තන්ගෙ ඇතුළෙ ජීවත් වන, පිටට නොපෙනෙන චරිතය එළියට ගන්න කරපු උත්සාහය සාර්ථක එකක්ක්දැයි කියන්න මං ඉස්සර නොවෙන්නේ පාඨක ඔබටත් ඒ ගැන හිතන්න ඉඩක් දෙන්න ඕන හින්ද.
පරිසරවේදී තිලක් කන්දේගම.
Prashandhan - ප්‍රශාන්දන්
- Publisher: Kandemahagamaya Publishers - කන්දෙමහගමයා ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - Janaka Mahalpath - ජනක මහල්පත්
- ISBN: 9786249273214
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75