• Mathaka Man Athara -  මතක මං අතර

2017 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලද කසුවෝ ඉෂිගුරෝගේ නවකතාවක් සිංහලට පරිවර්තනය වන තෙවන අවස්ථාව මෙය ය.

මින් පෙර සිංහල බසට පරිවර්තනය වූ ඔහුගේ අනෙක් නවකතා දෙක වන A Pale View of Hills (නිසල කඳු) හා An Artist of the Floating World (රැහැනක සමබරව) පළ කරන ලද්දේ ද විදර්ශන ප්‍රකාශකයන් විසිනි.

විසිවැනි සියවසේ මුල්භාගයේ ෂැංහයි හි උපත ලැබූ ඉංග‍්‍රීසි ජාතික ක‍්‍රිස්ටෝෆර් බෑන්ක්ස් සිය දෙමාපියන් අබිරහස් ලෙස අතුරුදන් වීම නිසා අනාථ දරුවකු සේ එංගලන්තයේ හැදී වැඩෙයි.

වසර ගණනාවකට පසු ලන්ඩනයේ සුප‍්‍රකට රහස් පරීක්ෂකයකු බවට පත්වන ඔහු සිය දෙමාපියන් අතුරුදන් වීම පිළිබඳ අබිරහස විසඳීමට නැවත ෂැංහයි බලා යයි.

දෙවැනි ලෝක යුද්ධයට පසුබිම් සැකසෙන සමයේ ලන්ඩන් හා ෂැංහයි නගර අතර දෝලනය වෙමින් ගලා යන ‘මතක මං අතර’ කෘතිය මතකය, කුතුහලය හා තමා අයිති තැනට ආපසු යෑමේ පෙලඹවීම පිළිබඳව වන අපූර්ව කතා පුවතකි.

මෙම කෘතිය සිංහල බසට පරිවර්තනය කරන අමාලි බොරළුගොඩ මින් පෙර ඇලිස් වෝකර්ගේ පුලිට්සර් සම්නානයෙන් පිදුම් ලද, ස්ටීවන් ස්පිල්බර්ග් සිනමාවට නැගූ The Colour Purple කෘතිය 'දම්පාට කතාව' නමින් සිංහලට නගන ලදී.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dam Paata Kathawa - දම් පාට කතාව

Dam Paata Kathawa - දම් පාට කතාව

"ආදරණීය දෙවියන් වහන්සේ වෙත, මට අවුරුදු දාහතරයි.මං හැමතිස්සෙම හොද කෙල්ලක් උනා.මට වෙන්නේ මොනවද ..

Rs. 650.00

Nisala Kandu - නිසල කඳු

Nisala Kandu - නිසල කඳු

" මා කිසිවිටෙක ඇගේ මැන්ච්ස්ටර් කාමරය නොහොත් ඈ මියැදි කාමරය දැක නැත .. මවකට කිසිසේත් නොහොබිනා සිතුව..

Rs. 400.00