• Punchi Loke - පුංචි ලෝකේ

"සමාව ඉල්ලන්න එපා. තමන් වෙනුවෙන් නැඟී ඉන්න." එසේ ගසා දැමූ ඇය ඔහුට වීදුරුව දුන්නාය.
"මේ මොනවද?"
"ඕක බොන්න."
කොන්‍රාඩ් කීකරුව ඔහුගේ වීදුරුව හිස් කළේය. ඔහු දෙස බලා සිටි බාබරා හිස දෙපසට වැනුවාය.
"ඇයි ඔයා හැමකෙනාම කියන හැමදේම කරන්නේ? එපා, මට මිනරල් වතුර ඕනෙ නෑ. මට ශ්නැප්ස් එක්ක බියර් එකක් ඕනේ. ඔයාම ඔයාගේ මිනරල් වතුර එක බොන්න කියලා කියන්න. දෙයියන්ගේ නාමෙට තමන් වෙනුවෙන් නැඟී ඉන්න."
උරිස් ගැසූ කොන්‍රාඩ් සිනහා වෙන්නට තැත් දැරුවේය. බාබරා ඔහුගේ කෙස්ස අතගෑවාය.
"සොරි."
"ඔයා හරි තමයි."
"මං දන්නේ නෑ. ඇඳට එන්න."
"ඒත්, මට ඇඳට යන්න ඕනෙ නෑ. මට ශ්නැප්ස් එක්ක බියර් එකක් ඕනේ. ඔයා ඇඳට යන්න." කෙන්‍රාඩ් පිළිතුරු දුන්නේය.
"ඒක අල්ලලා දාන්න." බාබරා කීවාය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha