• Lekhanawali - ලේඛනාවලි

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිට විශ‍්‍රාම ගැනීමෙන් අනතුරු ව එම විශ්වවිද්‍යාලයෙහි ම පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ආරාධිත මහාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටින සම්මානිත මහාචාර්ය පුංචි බණ්ඩා මීගස්කුඹුර සූරීන් විසින් මේ වන තෙක් (2019) ලියා පළ කොට ඇති ශාස්ත‍්‍රීය ලිපි සියල්ල එක් කොට සම්පාදිත:

'සම්මානිත මහාචාර්ය පී.බී. මීගස්කුඹුර ලේඛනාවලී
(A Collection of Scholarly Articles of Emeritu Proffesor P.B. Meegaskumbura)' ග්‍රන්ථය:


දර්ශන ප්‍රකාශනයක් වන මේ පොත I, II හා III වශයෙන් ප‍්‍රධාන කොටස් තුනකට බෙදේ (වෙළුම් තුනක් නොව එකම පොතක් තුළ ඇති කොටස් තුනකි). පටුනෙහි සේයාරූ මෙහි පහත අමුණා ඇත.

I කොටස මහාචාර්ය මීගස්කුඹුරයන්ගේ සේවය ඇගයීම සඳහා වෙන් වේ. එහි මීගස්කුඹුරයන්ගේ ශාස්ත්‍රීය ආස්තානය පිළිබඳ ව සම්පාදිත ලිපි පහක් ඇතුළත් වේ. තව ද අප මහාචාර්යතුමා විසින් එදා මෙදාතුර පළ කරන ලද සියලූ ම ප‍්‍රකාශන වර්ගීකරණය කොට වර්ෂානුගත පිළිවෙළින් පෙළ ගස්වා සකස් කරන ලද ලේඛනාවලියක් ද මෙම කොටසට ම ඇතුළත් වේ.

II කොටසෙහි මහාචාර්ය මීගස්කුඹුරයන් විසින් විවිධ අවස්ථාවල දී සිංහල හා ඉංගිරිසි භාෂාවන්ගෙන් රචනා කරන ලද ලිපි 71ක් ඇතුළත් වේ. පරිශීලකයන්ගේ පහසුව පිණිස මෙම කොටසෙහි එන ලිපි සියල්ල පිළිවෙළින්,

i භාෂාධ්‍යයන (Language Studies)
ii සාහිත්‍ය අධ්‍යයන (Literary Studies)
iii ඉතිහාසය සහ ජනශ‍්‍රැති අධ්‍යයන (Historical and Folklore Studies)
iv බෞද්ධ අධ්‍යයන (Buddhist Studies)
v ග‍්‍රන්ථ විචාර (Book Reviews)
vi පුවත්පත් සාකච්ඡා (Newspaper Interviews)

යනුවෙන් අනුකොටස් හයකට බෙදා ඇත.

III කොටසට ඇතුළත් වන්නේ ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට්ගේ Buddha in the Crown හා The Buddhist Visnu යන කෘති සඳහා මහාචාර්ය මීගස්කුඹුරයන් විසින් සිංහලයෙන් ඉංගිරිසියට පරිවර්තනය කර දෙන ලද කොටස් 14 කි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Davy Dutu Lankawa - ඩේවි දුටු ලංකාව

Davy Dutu Lankawa - ඩේවි දුටු ලංකාව

ජෝන් ඩෙවි විසින් රචිත An Account of The Interior Of Ceylon and Of its Inhabitants  ඇල්ලේපොළ එ..

Rs. 800.00

Eda Hela Diva - එදා හෙළ දිව

Eda Hela Diva - එදා හෙළ දිව

   මා සමග සිරභාරයට පත් වූ ඉංග්‍රීසි ජාතික සිර කරුවන් ගෙන් යටත් පිරිසෙන් එක් කෙනෙකු වත් මට ..

Rs. 1,100.00

Peradiga Minisunge Chinthana Vidi - පෙරදිග මිනිසුන්ගේ චින්තන විදි

Peradiga Minisunge Chinthana Vidi - පෙරදිග මිනිසුන්ගේ චින්තන විදි

හැකි සෑම අවස්ථාවකම එක් එක් මිනිස් ප්‍රජාවෙහි පුරුදු නිගමන හා අනුමාන විශ්ලේෂණය කරමින් ඔහුන්ගේ චින්තන ..

Rs. 1,400.00

Goliya Prawanatha - ගෝලීය ප්‍රවණතා

Goliya Prawanatha - ගෝලීය ප්‍රවණතා

"මහා ඉතිහාසයක් කැටිකොට දක්වන ' ගෝලීය ප්‍රවණතා' දැනුම සොයන්නවුන්ට, සමාජ විද්‍යාව හා මානව ශාස්ත්‍ර විෂ..

Rs. 350.00