• Wamanshika Janapriyawadayak Sandaha - වාමාංශික ජනප්‍රියවාදයක් සඳහා

පසුගිය කාලයේ ලෝක දේශපාලනය තුළ ජාතිවාදය හා වාර්ගික ස්වෝත්තමවාදය මත පදනම් වූ දක්ෂිණාංශික ජනප්‍රියවාදී රැල්ලක් බලගතු ලෙස නැඟී ආවේය. මෙම ප්‍රවාහයට අභියෝග කළ හැක්කේ ‘ප්‍රභූ තන්ත්‍රයට’ එරෙහිව ‘ජනතාව’ ලෙස දේශපාලන බෙදුම් ඉරක් ජනප්‍රියවාදී ලෙස ස්ථාපිත කරමින්, එම අක්ෂය ඔස්සේ බහුවිධ බලවේග ඒකරාශී කළ හැකි ‘වාමාංශික’ ජනප්‍රියවාදී ව්‍යාපෘතියකට බව ශන්තාල් මූෆ් තර්ක කරයි.

දශක ගණනාවක නව ලිබරල් ආධිපත්‍යය නිසා නොසලකා හැරීමට ලක්වූ ජනකොටස්වල අතෘප්තීන් ජාතිවාදී ලෙසකින් සංවිධානය කිරීම තුළින් දක්ෂිණාංශික ජනප්‍රියවාදය සාර්ථකත්වය ලබා තිබේ. එම අභියෝගයට මුහුණ දීමට නව ලිබරල්වාදය සමඟ අනන්‍ය වී සිටින‘ලිබරල්’ මැද මාවතට නොහැකිය. වාමාංශික ජනප්‍රියවාදය යනු වාර්ගික ස්වෝත්තමවාදයට සහ ප්‍රභූවාදී නව ලිබරල්වාදයට එරෙහි; එසේම ගතානුගතික වාමාංශයේ පන්ති ඌනිතවාදී ප්‍රවේශයට ද වෙනස් විකල්ප දේශපාලනයක් යෝජනා කරන උපාය මාර්ගයකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha