• Gee Madu Puranaya - ගී මඩු පුරාණය

ගී මඩු පුරාණය....
සශ්‍රීකත්වයෙහි ලා ලක්දිව  වන්දනාවට පාත්‍ර වන දේවතාවියක්  ලෙස පත්තිනි දේවතාවිය හඳුන්වා දිය හැකි අතර මෙම දේවතාවිය මූලික කර මෙරට විශාල සාහිත්‍යයක් බිහිවිය. ලක්දිව ඇදහීමට පාත්‍ර වන අනෙක් දෙවි දේවතාවන් පිළිබඳ විරචිත ව ඇති පද්‍ය සාහිත්‍ය හා පත්තිනි දේවතාවිය සම්බන්ධයෙන් රචනා වී ඇති පද්‍ය සාහිත්‍ය සංසන්දනයේ දී පත්තිනි දේවතාවිය උදෙසා රචනා වී පවතින  සාහිත්‍යය  විශාල බව දක්නට ලැබේ .
එම සාහිත්‍යයට සත් පත්තිනි කතාව,යහන් හෑල්ල, සේරමාන් මඩු පුරය,පාළි මඩු පුරය, දං කටිනය, පාඩි නලුව, අමාරසය, පතහ, සොළී පුර සාගතය, පත්තිනි පැතුම, අඔ විදමන, හිමාල වන විස්තරය, කාවේරි ගග දිය හෙළීම, කරිකාල් උපත, කෝවිල පේවීම, තුරගුන් නැගීම, සෙන්දු කෙළිය, ලද සරණ කර දුන් අවවාදය, රුවන් නලුව, තපස් ගමන, මා දේවි කතාව, දූ කෙළි කතාව, වලිනඩය, කන්නූරම් කතාව, වේසි මඩම, පාලග මැරීම, මරා ඉපැද්දීම, විත්ති හත, අවවාද විතරය,වැදි පූජාව, අංකොට හටන, ගණරුව කතාව, ගජබා කතාව, ගෙවන් පාන යන කෝල්මුර තිස් පහ සහ පත්තිනි දේවතා ශ්ලෝක, අංකෙළි උපත, පොර පොලි කෙළිය, පත්තිනි පුවත, පත්තිනි හෑල්ල, නානුමුර හෑල්ල, නානුමුර පුවත, දොළොස් මහේ කවි, සොකරි කවි, කප් සිටුවීමේ කවි,තොට පේවීමේ කවි, මිල්ල කැපීමේ කවි, තෙල්මේ කවි,දේවාභරණ වැඩමවීමේ  කවි,මඩු බැසීමේ කව්, බිසෝ කපේ කවි, හලං පාවාදිමේ කවි, පාවාඩ කවි, කාල් පන්දමේ කවි, මල් පාලියේ , කුරුම්බර  තටුවේ කවි, දෙවොල් කුරාලයේ කවි, මහ දෙවොල් විදියේ කවි, කුඩා දෙවොල් විදියේ කවි, පත්තිනි සිරස පාද කවි, වදුරු රෝග සිරස පාද කවි,වින දෝෂ සිරස පාද කවි, දොළොස් අවුරුදු දෝෂ හරණය, විසි අවුරුද්ද දෝෂ කරණය, සත්වරේ කවි, දොළොස් වරේ කවි හා කිරි අම්මා කවි අයත් වේ. මීට අතර ව මල්  වරම්, ගිනි සිසිල, හගල සිසිල, සළු සිසිල, ඇග සිසිල , කුරුම්බර තටු දිෂ්ටිය, පත්තිනි අලංගු, කිලි හරණ යනා දී මන්ත්‍ර සාහිත්‍යයෙක් ද පත්තිනි දේවතාවිය මූලික වී රචනා ව ඇත.
"ගී මඩු පුරාණය" යන කෘතියෙන් අප සාකච්ඡා කරනුයේ මඩු පුරය නම් වූ පද්‍යාවලිය පිළිබඳව ය.පත්තිනි දේවතාවිය උදෙසා ලක්දිව පැවැත්වෙන මඩු ශාන්තිකර්ම විවිධ ප්‍රදේශයන්හී විවිධ නාමකරනයන්ගෙන් හදුන්වනු දක්නට ඇත.ඒවා ගම් මඩුව,දෙවොල් මඩුව,පහන් මඩුව,ගිනි මඩුව දානෙ මඩුව, ගී මඩුව, හත්දා ගී මඩුව, තුන්දා ගී මඩුව, කෝල්මුර යාගය හා කෝඩි ඇප  මඩුව නම් වේ.  මෙම  ශාන්තිකර්මයන්හී විකාශනය පිළිබඳ අධ්‍යයනයේ දී එය එක් මූලයකින් ආරම්භ වී ඇති බව හදුනාගත හැක. එයට හොදම උදාහරණයක් වනුයේ මඩුපුර පද්‍යාවලියයි. මෙම කතා පුවතෙන් විස්තර වනුයේ දක්ෂිණ භාරතයේ කාවේරි පුර විසූ සේරමාන් නම් රජෙකුට සිදුවූ උපද්‍රවයක් සුව  කර ගැනීම උදෙසා පත්තිනි දේවතාවිය උදෙසා ලක්දිව රුවන්වැල්ලේ  නර්තන රංග සහිත ව  සිදුකරන ලද ශාන්තිකර්මයක්  පිළිබඳ විස්තරයකි. මෙම විස්තරය ඉහත දක්වන ලද ශාන්තිකර්ම  බිහිවීමෙහිලා මූලාශ්‍රය වී ඇත.
"නයිනා" නැමති පඩිවරයා විසින් රචනා කර ඇති මෙම පද්‍යාවලියේ පද්‍ය 300ක් අන්තර්ගත වේ. එම පද්‍යාවලිය මෙම කෘතියේ උපග්‍රන්තයේ දක්වා  ඇත. මෙම පද්‍යාවලිය අධ්‍යයනයේ දී ලක්දිව  ගී මඩු ශාන්තිකර්මයේ  විකාශනයට අමතර ව ලක්දිව එක් සමයක පැවති  ඇදහිලි විශ්වාස,ජීවන රටාව, භාෂාව, රංග කලාව, රංග වින්‍යාස , වාදන කලාව, ස්ත්‍රී පූර්ෂ රංගන , රංග වස්ත්‍රාභරණ, ආර්ථිකය හා දේශපාලන යනා දී කරැණු රාශියක් හදුනාගත හැකි වන අතර එම කරැණු පිළිබඳ මෙම කෘතියේ දී සාකච්ඡා කෙරේ.
රමිත් චන්ද්‍රසේකර...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha