• Thawalama - තවලම

රජයකට එරෙහිව වරින් වර ඇතිවන කැරලි කෝලහාල කුමන අන්දමකට මර්දනය කළත් එයින් ඇතිවන අතුරු ප‍්‍රතිඵල ඉතිහාසයට එක්වන්නේ නැති තරම්ය. කැරැුල්ල අසාර්ථක වන බව වේලාසනින් වටහාගත් ඇතමෙක් රහසිගතව රටින් පලා ගියහ. සමහරෙක් එතෙර ස්ථිර ලෙස පදිංචියට ගියහ. සමහරු එතෙර උසස් අධාපනය ලබා නැවත මෙරටට පැමිණ විප්ලවකාරී අදහස් සිතෙහි සඟවාගෙන හෝ සිතින් බැහැරකර පවතින සමාජය සමඟ අනුගත වී නිහඬ ජීවිතයක් ගත කරන බව අපට පෙනී යයි.
අගතීන්ට එරෙහිව තරුණ පරම්පරාව කරනු ලබන ප‍්‍රචණ්ඩකාරී අරගල අසාර්ථක වන තරමටම බලයෙන් ශක්තිමත් වන දේශපාලඥයින් අසීමිත ලෙස මුදල් ඉපයීමට දරණ උත්සහයන් රට ප‍්‍රපාතයට හෙලන්න හේතු වී තිබේ. සැමදාම අසහනයට පත්වන්නේ අසරණ මිනිසාම වන අතර ඔවුන්ට කාගේවත් පිිළිසරණක් ලැබෙන්නේ නැත. තවලම එවැනි මිනිසුන්ගේ දුක්බර වෘත්තාන්තය වේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha