” සිප්පි..නේද..?”
ඒ හඬ.. කුමදෝ මතකයක විණි. මම වේගයෙන් හිස එසෙව්වේත් ඒ කාරුණික ඇස් මගෙ මුහුණ මත රැදුණේත් එකම විටය. මම තප්පර දෙකක් තුනක් ඔහේ ඒ මුහුණ දෙසම බලා උන් වග මට සිහි වූයේ එහා පස අම්මාගෙ හඬිණි.
” දොස්තර මහත්තයා..?”
අම්මා ඔලුව මදක් නමා හැකි උපරිම ගෞරවයෙන් කතා කරත්දී මම හිද වුන් අසුනෙන් නැගිට ගත්තේ තවත් එලෙස හිදගෙන සිටීම වරදක් සේ දැනුණු නිසාය.
” මොකද අම්මේ.. ආයෙම අසනීපෙන්ද..?”
එවර ඔහු අම්මා ඉදිරියේ සිටගෙන ඇසුවේ මා අමතක කරය. මම අම්මා දෙසටත් ඔහු දෙසටත් මාරුවෙන් මාරුවට ඇස්බෝල ගෙන ගියෙමි.
* ඒ හැටි අසනීපයක් නෑ මහත්තයෝ.. මේ.. ”
අම්මා ලතැවිල්ලේ කියත්දී මටත් පෙර යකා නැග්ගේ සිරියා නැන්දාටය.
උඹෙ ඔය පැහිච්ච කට වහගනින්.. මහත්තයෝ මේකි කිසිදෙයක් කන්නෙ නෑ.. කන එකත් ඒ පිටම ආයෙ පිට කරනවා.. පේනවනේ ඇඟක හැටි.. පාංකඩයක් වගේ..”
Sililara Jeewitha - සිලිලාර ජීවිත
- Publisher: Sanka Prakashakayo - සංඛ ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Rashara Priyanji Gamage
- ISBN: 9786245626496
- Availability: Available
-
Rs. 1,500.00

