හඳ මායාකාර ගෑනියක්
ඉරෙන් නඩත්තු අරන්
රැයක් නිදිවදිනවා තරු එක්ක
ගෑවිලාවත් නෑ ලැජ්ජාවක්
උදේට එහෙ මෙහෙ වෙච්ච සළු
අහස පුරා පාට පාටින්
මේකි එකලස් කරන් යනවා
නාල පිරිසිදු වෙන්න රහසින්
මේ මොකුත් නොදන්න ඉර
වෙලාවකට මරි මෝඩයෙක්
ගෑනි නානකම් හීතල නොකර
වතුර රත් කරනවා යහමින්
අපොයි ඕකුන් වෙලාවකට
ගහ මරා ගන්නවා
පරණ කයි කතන්දර
පලිප්පු දමමින්
එහෙව් දවසට
ඒව නොපෙනෙන්න
අහස කළු ගා ගන්නවා
හොරහින් !
Handa Mayakara Geniyak - හඳ මායාකාර ගෑනියක්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - Rasika Muhandiramge - රසිකා මුහන්දිරම්ගේ
- ISBN: 9789553134752
- Availability: Available
-
Rs. 600.00

