• Eka Aindrajalika Isawwak - ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක්

රැඟුම අවසන
රඟහල ම පුරවන
අත්පොලසන
කාට ද ?

හිස් මිනිස් දෑතක ඉපිද
ඇට මිදුළු මත හිරිගඬු ඉසින
ඒක තානමය
මහෝඝය
කාට ද ?

මිඟිදෙකුට අගහස් ආලය පුදා
ලෝ සත රළු නිය වේදනා මකා
බිඳ දැමූ ලෙන් දොරින්
හිස නමා පිටව ගිය

අසිරිමත් රාජනිය
සුප්පාට ද ?

තුමුල පිය සෙවණැල්ලේ
ගයා වයා රඟා
ලෝ දම් නියමය ලෙසින
පිරිමි උරහිසක් මඟ හැරුණ

සන්නන් මුවැත්තී
සිංහ සීවලීට ද ?

පුතෙකු වේ නම් සේ තරින්දා
සිඳිය යුතුමය යුග'ඳුර' නිබන්දා
මනරම් බා යුග ලෙලවා ගුවනත

බින්ද ලෙන්දොර -සින්ද ගන'ඳුර
සිංහ බාහුට ද ?

බිඳින බව දැන දැන ම යම් දින
යළි යළිත් ලෙන්දොර වසන
ශිෂ්ටාචාරයක නියමය ලෙසින
ඔළ මොළ පුතුන් ළය හොවා රකින

ගර්ජනාවක කඳුළු බිංදුව
සිංහයාට ද ?

නැත්නම්
සරච්චන්ද්‍රට ද ?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Eka Aindrajalika Isawwak - ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක්

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35