• Bumatu - බුමාටු

     හෙතෙම මුළු ගම්මානයටම සිටි අති දක්ෂ වෙදැදුරා විය. බලගතු මන්ත්‍ර දත් යකැදුරා ද විය. පෙරහරේ මනරම් නැට්ටුවා ද ඔහු ය. අවුල් හරේ බැඳ ඔහු පෙරහරේ ගැටබෙරය ගැටගසාගෙන කරන කරනමට ගමේ සිටි දාංගලේ තියෙන නැම්බියන්ගේ පමණක් නොව නාකි ගැහැනුන්ගේද සිත් වසඟයට පත් වන්නේ ක්ෂණිකව මය. පෙරහැර අවසන ඔහුගේ තිරික්කලයට නැගීමට ගැහැනු සිහින මවති.
ඔහු වඳුරැස්ස කොටුවේ පොඩි ගුරා ය .

"බූමාටු " රෝහිත බ්‍රහ්මචාරී ගේ නවතම නව කතාවයි.මෙයට ප්‍රථම ඔහු විසින් රචිත "නෙතු වැහෙන ඇබිත්තට" නවකතාව වයඹ රාජ්‍ය සහිතය සම්මානය හිමිවිය. "රෝගීහු තිදෙනෙක්" ඔහු ගේ කෙටිකතා සංග්‍රහයට ද වයඹ රාජ්‍ය සහිතය සම්මානය හිමිවිය.
බුමාටු යනු බෞද්ධ දර්ශනය තුළ සඳහන් වන දේව විශේෂයකි. එහි අකාශස්ත , අග්ගස්සර. බූමාටු යනුවෙන් දේවතාවන් වර්ග තුනකි. මින් බූමාටු යනූ මහා පොළොව හා බැඳුණු දිව්‍ය විශේෂයකි. ඔවුන් මිනිසුන් මෙන් සැරිසරයි. මිනිසා විසින් කරන ලද හොඳ හා නරක සියලු කර්මයන්ගේ විපාක විඳීමට ඔහුට සිදුවේ. මරණයෙන් භෞතික ශරීරය මියගියද කර්මය මිය නොයයි. ඔහු විසින් එය ගෙවා දැමිය යුතුය. මිනිසෙකු හෝ දෙවියෙකු වීම කර්මයෙන් නිදහස් වීමට මාර්ගයක් නොවේ.එය පොඩිගුරාට ද පොදු ය.
මුළු ගම්මානයම රාත්‍රියේ අඳුර සමග නිහඬ වෙද්දී තම බිරියට තිබෙන සංසර ගත දොළ දුකට ගෝන මස් ගෙන ඒමට වනයට යන ඔහු එළිවන ජාමය වනතෙක් වනාන්තරය පීරයි. එය ඔහු ලද සංසාර සාපයක ප්‍රතිඵලයක් ද...

රෝහිත බ්‍රහ්මචාරී බූමටු නවකතාව ඔස්සේ දිග හැරෙන බෞද්ධ දර්ශනය ඔහු යොදා ගනු ලබන්නේ සාම්ප්‍රදායික බෞද්ධ ආකෘතියන් නොව නුතන නවකතා ආකෘතියකිනි. ඔහු ගලායන කාලය ඉතා නිර්මාණශීලි ලෙස කණ්ඩනය කරයි. එය පාඨකයාගේ මනසේ මැවෙන කුතුහලය සහ නිරාකරණය සමඟ කරන ක්‍රීඩාවක් මෙනි.
අවසන බූමාටු දෙවියා ද ප්‍රතිරුපකයා ද තමා ම බව පොඩිගුරා අවබෝධය කරගනී. එපමණක් ද නොව තමාට පරම සතුරු ඊරි පිල්ල යැවූ සතුර ද වෙන කිසිවෙකු නොවේ. සියලු දෙය උඩුයටිකුරු වන්නේ අදහාගත නොහැකි ලෙස ය. එසේනම් ජීවිතය යනු අදහා ගත නොහැකි දෙය විශ්වාස කිරීම ද?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Bumatu - බුමාටු

  • Rs. 425.00

  • KBOOKS Cashback Rewards: 43