දේශිය සිනමාවේ ස්වරණමය යුගය ලෙස දැක්වෙන 70 දශකයේ සිනමාවට පා තැබූ සිනමාකරුවන් රාශියකි. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ප්‍රදර්ශන වාර්තා තැබූ චිත්‍රපට නිපදවූහ. ඉන් සේන සමරසිංහ එක් සුපිරී සිනමාකරුවෙකි. පොදු ජන රසවින්දනය හඳුනාගෙන සිනමා නිර්මාණ ඉදිරිපත් කළ සිනමාකරුවන් අතුරීන් නිබඳව මතක ගත චරිතයක් වන ඔහුගේ සිනමා පුවත් මා, විල්බට් ජයවීරගේ රිදී නිරේ සඟරාවට සම්බන්ධව සිටි කාලයේ සංස්කරණය කළ බව මතකය. 1975 ගීතා පුවත්පතේ උප කතුවරයාව සිටි කාලයේත් එම කටයුත්ත මා අනින් සිදුවිය. එම සිනමාකරු චරීතයට පොදු යටගියාවක් ද ඇත. එය එළි පෙහෙළි කරන විට වසන් ව තිබෙන සුන්දර අතීතයක් සොයා ගැනීමට පුළුවන. එකී කාර්යය අතිශෝක්තියෙන් තොරව නිවැරදිව නිසියාකාරව සේනගේ සුපිරී සිනමාව ග්‍රන්ථයෙන් ඉටු කොට තිබේ. මෙය සිලෝන් සිනමා එන්ටර්ටේන්මන්ට් දෙවන ප්‍රකාශනයයි.
ජයන්ත කළුපහණ
දිනපතා මව්බිම පුවත්පත
රස මංජුසා අතිරේක සංස්කාරක
Senage Supiri Sinamawa - සේනගේ සුපිරි සිනමාව
- Publisher: Ceylon Cinema Entertainment - සිලෝන් සිනමා එන්ටර්ටේන්ට්මන්ට්
- Categories:
- - Magazines - සඟරා
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Rupasena Silva - රූපසේන සිල්වා
- ISBN: 9786245091010
- Availability: Available
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150