• Panhinda -  පන්හිඳ

‘මයෙ දෑහට පෙනි පෙනී කෙල්ල උස්සාන වස්තරේ ගැලෙව්වෙ. එකෙක් නෙමෙයි පිපාසාවෙන් හිටපු හැම එකාම කාල කාල හප කරල අන්තිම එකාට සැප මදිවෙලා කෙල්ල කපල දාල ගියෙ.’ තවත් මදි ලෙසින් පරංගි සිරුරට කොටමින් නොනැවතී කියවූ උංගිරාළ අවසානයේ තම දියණිය සිහි කරමින් හ`ඩන පළමු වතාව සේ මොරගෙඩි වන් කඳුළු කැට බේරෙමින් වැලපෙන්නට වූයේය. ගම්බිම් මංකොල්ලකමින්, වස්තුව එකතු කරමින් හිඳ මේ දුරු රටක, මේ අද දිනයේ, මේ මෙතන මේ කිතුල් ගහ යට දෙපළු වී යන්නට නියමිත ඉරණම සොයා ගවු සියදහස් ගණනක් දුර සිට මූදු හතක් තරණය කර ආ අවාසනාවන්ත පරංගියාගේ ඉරණම පිළිබඳව සිතමින් නැග එන ඔක්කාරය මැද දෙපසට කඩා වැටුණු ගස් අතු දෙකක් සේ කඳෙන් එල්ලෙන සිරුරේ පලූ දෙක දෙස නැවතත් බැලූ හින්නි හාත්පස වට වී සිටින පිරිස අතරින් රිංගා ඈතට පියමැන්නේය. බොහෝ දුරක් යන තුරු අංගච්ඡේදනය කරන පරංගින්ගේ විලාප හ`ඩවල් ඔහු පසුපසින් හඹා ආවේය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Swarna Pusthaka Award Long Listed Books 2020 - 2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්

Swarna Pusthaka Award Long Listed Books 2020 - 2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්

මෙම ඇණවුම සඳහා ශ්‍රී ලංකාව තුළ ෆ්‍රී ඩිලිවරි ලබා ගත හැකිය.  මෙම ඇණවුම සමග තවත් කෙතරම් පොත් ගෙන්..

Rs. 7,420.00