• Swarga Rajje Namak Nathi Pothak - ස්වර්ග රාජ්ජේ නමක් නැති පොතක්

මේ පසුවදනක් නෙවේ !

ශිෂ්ටාචාරය පුරාම පිරිමි කරේ ගෑණු රවට්ටන එක. පිරිමින්ගෙ ලස්සන චාටු කතාවල් වලට ගෑණු ආස කරා. ගෑණු වෙච්ච අපටත් පිරිමියෙකුගෙ උණුහුම ඕන උනා .. කායික ශරීරයේ අයිතිය අපේ උනාට ගෑණියෙකුගෙ මානසික ශරීරය අයිති පිරිමින්ට. හොඳට කල්පනා කරල බැලුවම ගෑණු අපේ ජීවිතේ තීරණය වෙලා තියෙන්නෙ පිරිමි හදපු අපේ මානසික ශරීරය මත, සේරටම මුළ ගර්භාශයක් අපට තියෙන එක. පිරිමි නාලා ගෙට ආවම සේරම හරි උනාට ගෑණු අපි බඩ වෙනව. මෙන්න මෙතන තමයි ගෑණු පරාද වෙන එකම තැන.

ඔහොම කියන්න එපා කෙල්ලේ...අපි උනත් කොයි ලෝකෙ කරක් ගැහුවත් මහ ලොකු මිනිහෙක් උනත් කොටින්ම සේරෝම බය චන්ඩියෙක් උණත් ලෝකේටම රජෙක් උනත් අපි ගෑණු ලඟ හරි පුංචියි. අන්තිමට හැම පිරිමියම පරාද උනේ ගෑණියෙක් ලඟ . අන්තීමටම කල්පනා කරල බලනකොට අපේ ජීවිතේ කියන්නෙත් ගෑණියෙක් ලඟ දිය වෙලා යන එක...

නවත්තමු මේ විකාර කතාව  මහලොකු දාර්ශනිකයා..?

 ̈හුටා ̋ පේනවද ඔයාට ! දාර්ශනිකයා කියන වචනයට හරි හමන් ස්ත්‍රී ලිංග පදයක්වත් නෑ කෝ මේ පැත්ත පොඩ්ඩක් බලන්න.

හ්මි !

තියෙන වල් පාට විතරක් !

පිස්සු කෙල්ල...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Swarga Rajje Namak Nathi Pothak - ස්වර්ග රාජ්ජේ නමක් නැති පොතක්

  • Rs. 1,500.00