• Pandu Paha Kavi - පඬු පැහැ කවි

දැන් ඌ එහි නැත
......................................

කනත්ත පිට්ටනියට ඉහළින්
සරුංගල් කඩා බිම දමන
සුළගෙහි විකුම් දැක දැක
අත්තලන කොල්ලන් සමග
ඒ මේ අත දුවන,

ඇතැම් හැන්දෑවක
සොහොන් කොතකට මුවා වී
සූස්තියක් ඔතා ගන්නා තුරු
වට පිට බල බලා
කිසිවෙකුට තනි රකින,

කොපුළත විඩා සඟවා
රත සැඟව යන ගොම්මනක
වැඩ ඇරී එන ගැහැණියක
කනත්ත පසු කරන තෙක්ම
පසු ගමන් ඇරලන,

දෙතුන් දොහොකට වරක්
ගම්ගොඩේ රවුමක් ගසා
බත් පතක ගෞරවය සිහිකර
ඥාතිකම් අලුත් කර ගන්න
සිනා සී දොරකඩට එන,

ඌ ........
දැන් එහි නැති වග
මතක් කර දෙන්නට
දැන් ඌ එහි නැත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

E Ridum Koitharam Nam Imihiri Da - ඒ රිදුම් කොයිතරම් නම් ඉමිහිරි ද

E Ridum Koitharam Nam Imihiri Da - ඒ රිදුම් කොයිතරම් නම් ඉමිහිරි ද

"පරිස්සමෙන් කෙල්ලේ   මේ කාලෙත් හරිම නපුරුයි   මට නම් දුකයි උබ ගැන   &n..

Rs. 300.00

Maga Harimi Sanda Res - මග හරිමි සඳ රැස්

Maga Harimi Sanda Res - මග හරිමි සඳ රැස්

          කෙලිත්තක්...ඔව්,හැඩකාර කෙලිත්තක්සරයි අරගල බිමෙහිකඩිසරවඅනෝරාවක පෙර..

Rs. 650.00