• Sandesha Yawala Be Kaputanta Goda Enna - සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න

කරන්ට් කම්බියක් උඩදි
කපුටෙකු කල කතාවක්....

මොණරු හන්සයෝ ගිරව්
සැළලිහිණි කොවුලෝ සැවුලෝ
මුළු ඉතිහාසයෙම කලේ
කපුටන්ව ඇන්දිල්ල
උන් උස්සගෙන ගිය
කිසි සන්දේශයක තිබුනෙ නෑ
කපුටන්ගේ දුක්ගැනවිල්ල

දඹදෙනි කෝට්ටේ සීතාවක
හැම රාජධානියකම
මුන් ටිකම තමයි රිංගුවේ රජ වාසලට
කපුටු පැටව් හාමතේ අඩද්දී
උන් කලේ රජවරු රැකගන්න
දුවපු එක උපුල්වන් විභිෂණ
සමන් දේවාල වලට

ලැබෙන වරදාන වලට
රාජ වංශයේ කුමාරිකාවකට
මිනිහෙක් හොයන්න
තවත් බිසවකට
බඩට ළමයෙක් ඉල්ලන්න
පරවි මුත්තෙක් සහ සැළලිහිණි අත්තෙක්
දෙයියන්ට කියපු ඉතිහාසයක් තියෙනවා
අපේ නායක කුරුල්ලන්ට

තාම එක කපුටෙකුට බැරිවුනා
වහලක් තියෙන කූඩුවක මැරෙන්න
අඩුගානේ අපිට අයිතියක් නැද්ද
ඔළු ගෙඩියකට නොවැටෙන්න
නිදහසේ පොළොවට කක්කුස්සි යන්න

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sandesha Yawala Be Kaputanta Goda Enna - සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30