• Sarala Sinhala - සරල සිංහල

මේ කෘතියෙහි උක්තාඛ්‍යාත සම්බන්ධය විවරණය කිරීමේදී වචන භේදය, උක්ත පද සහ අනුක්ත් පද, පුරුෂ භේදය, කාල  භේදය, අප්‍රාණවාචි බහු වචන, සමූහාර්ථවාචි පද, ගෞරවාර්ථ බහු වචන, නිත්‍ය බහුවචන, නිපාත යෝගය, පුරුෂත්රයට අයත් සර්ව නාම සහ අන්‍ය නාම, අනියමාර්ථ ප්‍රත්‍ය: (උක්ත අනුක්ත යෝගය), ද්විත්ව උක්තය, අඛයාත අධ්‍යාහාරය, අවිනිශ්චිතාර්ථය, අන්තර් වාක්‍ය ක්‍රියා පද, විශේෂ අභ්‍යාස හා නිවැරදි කර ලිවීමේ අභ්‍යාස යනුවෙන් අතුරු මැය අටලොසක් යටතේ අභ්‍යාස සහිතව අවශ්‍ය සියලුම කරුණු සාකච්ඡා කර ඇත මෙබඳු කෘතියක් මීට පෙර රචනා වී ඇති මම නොසිතමි. මේ භාෂා පටිතය පාසල් ශිෂ්‍යන්ට, විශ්ව විද්‍යාල විද්යාර්ථීන්ට , මුද්‍රිත මෙන්ම විද්‍යුත් මාධ්‍යවේදීන්ට ද, භාෂාව දන්නවා යයි හිස උදුම්මුවාගෙන සිටින විද්වතුන්ට ද ප්‍රයෝජනවත්, අවශ්යෙන් ම පරිශීලනය කළ යුතු ලේඛනයක් ලෙස නොපැකිලව සඳහන් කරමි. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha