• Durgaya Harada - දුර්ගය හැරදා

1896 වර්ෂයේ එංගලන්තයේ උපත ලද ඒ. ජේ. ක්‍රෝනින් පාසල් ධ්‍යාපනය අහවර කිරීමෙන් පසු ස්කොට්ලන්ත විශ්ව විද්‍යාලයකට ඇතුළුව
ද්විතීයික අධ්‍යාපනය හැදෑරීය. ලේඛකයෙකු වීමට පෙරාතුව වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූ හේ වසර ගණනාවක් පුරාවටම බි‍්‍රතාන්‍යයෙහි විවිධ
පළාත්වල විශේෂයෙන්ම පිටිසර ප‍්‍රදේශවල සේවය කළේය. එහෙත් 1930 වර්ෂයේදී පමණ වෛද්‍ය වෘත්තියට ආයුබෝවන් කී හෙතෙම ලේඛන කලාව
සිය ජීවනෝපාය කරගත්තේය.

ක්‍රෝනින්ගේ පළමු කෘතිය වූයේ 1931 වසරේදී පළවූ Hatter’s Castle" නම් නවකතාවයි. ඔහු අතින් නිමැවුණු කෘති බොහොමයක්ඉමහත් ජනාදරයට පාත‍්‍ර විය. ඒ අතරිනුත් 1935 දී ඔහු විසින් එළිදැක්වූ "The stars look down" නම් කෘතියත් 1937 දී ඔහු ලියූ "The Citadel", නම්
කෘතියත් වඩාත් සාර්ථක වූ ඒවා යැයි හැඳින්විය හැකිය.

මෙම පරිවර්තනයෙහි මුල්කෘතිය වන "The Citadel" නම් නවකතාවෙන් කියැවෙන්නේ පළමු ලෝක සංග‍්‍රාමයෙන් මඳ කලකට පසුව වෛද්‍ය
වෘත්තිකයකු ලෙස සේවයට පිළිපන් ඇන්ඩෲ මැන්සන් නම් තරුණයකුගේ ජීවිත අත්දැකීම් පිළිබඳවයි. දකුණු වේල්සයෙහි ගල් අඟුරු කර්මාන්තය පදනම් කරගත් කුඩා ගම්මානයක පළමුවෙන්ම සේවය කරන ඔහු මහත්
කැපවීමකින් සේවය කරමින් තම කුලූඳුල් රාජකාරී සමය සාර්ථක එකක් බවට පත්කර ගනී. එහෙත් පසුකාලීනව ලන්ඩන් නගරයට සංක‍්‍රමණය වන
හේ පිටිසර ජන ජීවිතයට ඉඳුරාම වෙනස් වූ ධනවත් වෛද්‍යවරුනගෙන්ගැවසි සමාජ ප‍්‍රවාහයකට පිවිස සිය වෘත්තිය හුදෙක් ධනෝපායන මාර්ගයක්
පමණක්ම කරගන්නට වෑයමක යෙදෙyi. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Durgaya Harada - දුර්ගය හැරදා

  • Rs. 380.00

  • KBOOKS Cashback Rewards: 38