• Sonduru Dukbara Diviya - සොඳුරු දුක්බර දිවිය

කාන්තාවන්ගේ චෛතසික ස්වභාවය ගැඹුරු විශ්ලේෂණයට ලක් කළ මනෝ විශ්ලේෂකයකු ලෙස කවබතා සුවිශේෂයෙන් ප්‍රශංසාවට ලක් කරනු ලැබ ඇත. The Snow Kingdom හා Thousand Cranes නම් නවකථා දෙකෙහි දී ඔහු මේ පිළිබඳ ව තම නිපුණතාව මනාව ප්‍රදර්ශනය කළේය. ශෘංගාරාත්මක කථාංග නිරූපණය, සියුම් නිරීක්ෂණ හැකියාව හා ගුප්ත වටනාකම් පද්ධතියක් ප්‍රදර්ශනය කිරීම පිළිබඳ ඔහු ගේ විශිෂ්ට හැකියාව යුරෝපීය ආඛ්‍යාන ක්‍රමය පසු බැස්වීමට සමත් වූ එකක් විය. කවබතා ගේ රචනා විලාසය ජපානයෙහි පැවැති සිතුවම් සිහි ගන්වයි. ස්වාභාවික ජීවිතයෙහි ද මිනිසාගේ ඉරණම තුළ ද පැතිර පවත්නා නැසෙනසුලු, සොඳුරු, සෝබර රූපාත්මක භාෂාව කෙරෙහි කවබතා තුළ පැවැතියේ විශේෂ ළැදියාවකි. සකල විධ බාහිර ක්‍රියාකාරකම් වල පවත්නා අනියත බව ජලතලය මත පා වී යන තණ පඳුරු ගොන්නකට සම්බන්ධ කළ හැකි නම් එවිට පහළ වනුයේ ජපන් ක්‍ෂුද්‍ර සාහිත්‍ය කලාංගයක් වන හයිකු කවියකි. මේ කවි කලාව කවබතාගේ රචනාවන්හි පිළිබිඹු වෙයි.
(කතුවරයාට නොබෙල් ත්‍යාගය ප්‍රදානය කිරීමේ උත්සවයේ දී කැරුණු හඳුන්වා දීමේ දේශනයෙන් උපුටා ගැනිණ.)

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha