• Auggie - ඕගි

"මට මැජික් ලාම්පුවක් හම්බවුණොත් මං ප‍්‍රාර්ථනා කරනවා, කාගෙවත් විශේෂ අවධානයක් නොලැබෙන මුහුණක් ලැබෙන්න කියලා. මං පාරේ ඇවිදගෙන යනකොට කාටවත් මාව පේන්නෙ නැතිවෙන්න ඕනෙ කියන දේ වගේම මාව දැක්ක ගමන්ම එක පාරට අහක බලාගන්න එකත් වෙනස් කරගන්න පුළුවන් නම්..."

ඇයි මං ස්කෝලෙ ගියෙ නැත්තෙ?

ලබන සතියේ මම පහේ පන්තියට යනවා. මං කවදාවත් ඉස්කෝලෙ ගිහිල්ලා නැති හින්දා මං සෑහෙන්න, හොඳටම සම්පූර්ණයෙන්ම බයෙන් ගල් ගැහිලා ඉන්නේ. මිනිස්සු හිතයි, මං ඉස්කෝලෙ ගියේ නැත්තේ මගේ පෙනුම නිසා කියලා. ඒත් ඒක එහෙම නෙමේ. ඒකට හේතුව මට මුහුණ දෙන්න වුණු ශල්යකර්ම නිසා. ඉපදුණු දවසේ ඉඳලා ශල්යකර්ම විසිහතක් කරලා තියෙනවා. බරපතළ ශල්යකර්ම කරනකොට මට අවුරුදු හතරක්වත් නෑ. ඒ හින්දා මට ඒවා මතක නෑ. එදා ඉඳලා අවුරුද්දකට ශල්යකර්ම දෙකක් හරි තුනක් හරි කළා (සමහර ඒවා ලොකුයි. සමහර ඒවා පොඩියි.) මං වයසට වඩා පරමාණයෙන් පුංචි නිසා දොස්තර මාමලා මට හරියටම පැහැදිලි නොකරපු ශල්යකර්මත් තියෙනවා. මං ගොඩක් වෙලාවට අසනීප වුණා. ඒ හින්දා මගේ දෙමාපියන් තීරණය කරන්න ඇති මාව ඉස්කෝලෙ යවන්නේ නැතිව ගෙදර තියාගන්න. ඒත් දැන් මං කලින්ට වඩා ශක්තිමත්. අන්තිම ශල්යකර්මය මට කළේ මාස අටකට ඉස්සෙල්ලා. ඒ වගේම තව අවුරුදු කිහිපයකට ශල්යකර්ම කරන්න වෙන එකක් නෑ කියලා මං හිතනවා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Shuddha Wu Piriksume Sirakaru - ශුද්ධ වූ පිරික්සුමේ සිරකරු

Shuddha Wu Piriksume Sirakaru - ශුද්ධ වූ පිරික්සුමේ සිරකරු

Theresa Breslin විසින් රචිත Prisoner of the Iquisition ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...

Rs. 475.00

Wonder

Wonder

..

Rs. 1,195.00

SUWANDA VILAVUN - සුවඳ විලවුන්

SUWANDA VILAVUN - සුවඳ විලවුන්

Patrick Suskind විසින් රචිත Das Parfum නමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය  18 වැනි සියවසේ ප්‍රංශයේ..

Rs. 350.00

Ema - එමා

Ema - එමා

"අන්ධ තරුණියක හා ඇයට කණවැල ඇල්ලු දයාබර බැල්ලක පිළිබද සුන්දර අත්දැකීම මැනවින් පෙළ ගස්වා ඉදිරිපත් කෙරෙ..

Rs. 400.00

Sara -සාරා

Sara -සාරා

"ටට්යානි  ඩී රොස්නිගේ 'Sarah's Key'  කෘතියේ පරිවර්තනයි."..

Rs. 425.00