• Nela - නෙලා
ස්පාඤ්ඤ ලේඛක බෙනිතෝ පෙරේස් ගල්දෝස්ගේ (Benito Perez Galdos) ‘මරියනෙලා’ (MARIANELA) නම් සම්මානනීය ආදර කතාවේ සිංහල පරිවර්තනයයි.
‘නෙලා’ විසිවැනි සියවසේ මුල් භාගයෙහි ඉතා උසස් ගණයෙහි ලා ගැනෙන නවකතා රචනයෙහි නිරතව සිටි ගල්දෝස් විසින් රචිත සුවිශේෂ රොමෑන්තික, යථාර්ථවාදී නවකතාවකි. මෙය කවර පාඨකයෙකුට වුවද රසවිඳිය හැක. තෙවරම ස්පාඤ්ඤයේදීත්, වරක් මෙක්සිකෝවේදීත් සිනමාවට නඟනු ලැබීමෙන්ද පසු, ඔපෙරාවකට හා ටෙලි නාට්‍යයකට පාදක වීමෙන්ද එය කොතරම් ජනපි‍්‍රයත්වයකට පත්ව තිබුණි දැයි පැහැදිලි වේ.
ගල්දෝස්ගේ තවත් නවකතා ගණනාවක්ම සිනමාවට නැඟුණු අතර, ඔහුගේ ප‍්‍රබන්ධ සලකා බැලූ විචාරකයන් බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ එ්වා පරිපූර්ණ ස්පාඤ්ඤ නවකතාවේ නිර්මාතෘ වන සෙර්වන්තෙස්ගේ නිර්මාණවලට පමණක් දෙවැනි වන බවයි.
මේ පරිවර්තනයෙහි සුවිශේෂත්වය වන්නේ එය ස්පාඤ්ඤ බසින් ඍජුවම සිංහලයට නඟනු ලැබ තිබීමයි.
‘නෙලා’ බෙනට් රත්නායක මහතාගේ අධ්‍යක්ෂණයෙන් 2018 වසරේ චිත‍්‍රපටයකට නැඟුණි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Seylan Dupathe Deepthimath Hudakalawa - සෙයිලාන් දූපතේ දීප්තිමත් හුදෙකලාව

Seylan Dupathe Deepthimath Hudakalawa - සෙයිලාන් දූපතේ දීප්තිමත් හුදෙකලාව

විසි වැනි සියවසේ විශ්ව සාහිත්‍යය ආලෝකවත් කළ, ශ්‍රේෂ්ඨ මහා කවියකු වූ, නොබෙල් ත්‍යාගලාභී, චිලී ජාතික ප..

Rs. 350.00