• Themi Themima Mama - තෙමි තෙමිම  මම

බින්දෙන් බින්ද අඳුරු බිඳු ඉහෙනකොට
හිතෙන්නැද්ද ආයිත් දවසක
තෙත බරිත හවසක
අහම්බෙන් වගේ හම්බ වෙන්නට

තෙමෙන කොණ්ඩෙත් දෙපැත්තට වන වන
කුඩ මාර ගහ
තනිවම
තවම
එතැනම

වේලි වේලී හැලෙන කොළ වරුසාව යට
හෙටත් ඇහැක්වෙයි ආවොතින් ඉඩ දෙන්න

කුඩ පොඩිය උඩ වැයෙන සත්සරය
අහ අහ
නන්නත්තාරේ
නියොන් එළි දියවෙවී දුවන තාර පාරේ
පිහාටුත් ලොකු ඇස් දෙකෙන්
රත්තරන් පාටට පිපෙන
වැහි පිච්ච මල් ඇහිදින්න

සාරි පොට අගිස්සෙන් ඔළුව පිහිදම දම උන්න
අර පොඩි දූත් ඉස්සර කරගෙන එන්න

ඉස්සරහ හරියට පේන්නෙත් නැති
පාරක
බස් එකක්වත් එන එකක් නැති උනත්
එදාටත් මට
දොඩන්නට
ඉස්සි ඉස්සී බලන්නම්
මම ඈත
බොරුවට

නිදිබර බැල්ම තැවරුණු
හෙම්බිරිස්සා කටහඬින් අඬගානකොටත් ඔබ
නෑවිත් ම හිටියත්
තෙමි තෙමි ම මම
හිතෙන්නැද්ද ආයිත් දවසක
තෙත බරිත හවසක
අහම්බෙන් වගේ හම්බ වෙන්නට

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Themi Themima Mama - තෙමි තෙමිම මම

  • Rs. 150.00

  • KBOOKS Cashback Rewards: 15