• Raya Windimi Nowindimi - රැය විඳිමි නොවිඳිමි

කච්චේරියේදී
----------------

දර්ශනී මැඩම් මං ටිංකරිං චන්දරේ
ඉස්කෝලෙ අපි උන්නේ අටේ ඒ පංතියේ
පැන්සලක් හංගලා ඔබව අඬවපු වෙලේ
ශෙල්ටගේ තොල් දෙකම මං තමයි හිල් කළේ

අස්වෙලා අපේ ඉස්කෝලයෙන් දහයෙදීම
ඉස්තරම් නුවරකට ඔබ ගියා රහසේම
වොක්ස් වැගන් කාර්රෙකක දොර ඇරෙන කිසිවිටෙක
ඉන් පස්සේ දැක්කේ නැහැ ලස්සනම සුදු ගවුම

නංගිගේ පොඩි එකා ඉස්කෝලෙ දා ගන්න
ආවා මං කච්චේරි උප්පැන්නෙ අරගන්න
රැස් දිලෙන සිත්තමක් වගේ රාමු කළ රුවට
දැක්කා මං වැඩ හිඳින අයුරු ඔබ උස් තැනක

උත්තරය දන් නැතුව තැවෙන විට මං එදා
දික් කරපු කොපි පොතේ මතක පිටු පෙරළලා
මං හිතුව ඇස් දෙකෙන් ඔබ හිනාවෙයි කියා
ඇත්තටම අදත් මට චක්කරේ වැරදුණා

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Raya Windimi Nowindimi - රැය විඳිමි නොවිඳිමි

  • Rs. 200.00

  • KBOOKS Cashback Rewards: 20