• Hakawathi - හකාවතී

"හකාවතී" කෙටි කතා සංග්‍රහය තුල සකච්ඡා වන බොහෝ දෑ අතරින් ඉතා වැදගත් සංකල්පයක් වන්නේ, මිනිසුන් තුල පවතින මිලේච්ඡත්වයයි. එසේත් නොමැති නම් අසැබි සිතිවිලියි. මෙය ඉතා කදිමට එසේම රසවත්ව ඉදිරිපත් කරන එක් අවස්ථාවක් එන්නේ "ජයසරනංකර" කෙටි කතාවේය. මිනිසුන්ගේ අසැබි සිතුවිලි යනු යම් පිරිසකට පමණක් සිමා වුවක් නොවන බවත් සියලු මිනිසුන් තුල එවැනි සිතුවිලි පවතින්නේය යන දැනුම සමාජයේ බොහේ දේ විග්‍රහ කර ගැනීමට අතවශ්‍යය. එබැවින් එම විරල ගැඹුරු ප්‍රවේශය අගය කල යුතුය.

ඩෝසන් ප්‍රීති මෙම කෙටි කතා සංග්‍රහය තුලින් ඉතා වැදගත් මෙන්ම බරපතල සමාජ කරුණු ගණනාවක් වේදිකා ගත කරයි. සියුම් ලෙස සලකා බැලීමේදී ඔහුගේ ලියවිල්ල තුල මිනිස් මනෝ භාවය පිලිබඳ ගැඹුරු හැදෑරීමක් ද සහිතය, එසේම ඔහු සමාජයට යම් පණිවිඩයක් දෙමින් ඔවුන්ට ආරාධනා කරන්නේ දැනුම තුලින් තම තමන්ගේ සමාජ කාර්ය භාරය පිළිබඳව ස්වයං විග්‍රහයක යෙදෙන ලෙස නොවේද?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Hakawathi - හකාවතී

  • Rs. 225.00

  • KBOOKS Cashback Rewards: 23