• Pani Walalu 3 - පැණි වළලු 3

පැණි වළලු 3 -ගංගානාත් දිසානායක "පැණි වළලු" දැනට ඉරිදා ලංකාදීප පත්‍රයේ පළවන ජනප්‍රිය තීරු ලිපියකි.2012 ඔක්තෝම්බර් සිට වසරක කාලයක් පළවූ "පැණි වළලු" තීරු ලිපි මෙම කෘතියෙහි සංග්‍රහ කොට ඇත.මෙහි රචකයා සමාජ සංසිද්ධීන් තම ජීවන අත්දැකීම් සමග මුසුකොට සියුම් ව හෘදයාංගමව සංවේදී ව හා සරල ව ඉදිරිපත් කරයි.එය ලේඛකයෙකුගේ අවංක ආත්ම ප්‍රකාශනයක් ලෙස කියවන්නාට දැනේ.එබැවින් මෙම තීරු ලිපි උස් මිටි බාල මහලු දැන උගත් බේදයකින් තොර ව පාඨක හැඩ බැඳගනී. ගහ කොළ ගංගා ඇළ දොළ ඇතුළු ස්වභාවධර්මය සජීවීව මෙහි එන ලිපිවල පෙනී සිටියි.කුරුල්ලෝ ද පූසෝ ද මිනිසුන් සේ දොඩති.හැසිරෙති.කුඩා දරුවකුගේ ඇසින් ලෝකය දෙස බලන ලේඛකයාට මිත්තණිය ද වැඩිමහලු මිනිසුන් ද ජීවිතයේ චමත්කාරය හා දුක සොම්නස කැටුව එන අපූර්ව චරිත ලෙස හැඟී යයි.නවකතාකරුවකුගේ රූපණ විලාසයෙන් ඉදිරිපත් කරන මෙම තීරු ලිපිවල අවසානයේ පිඬුකොට දක්වන ජීවන දර්ශනය ජීවිතයේ අනිත්‍යතාව පිළිබිඹු කරන්නකි.එය පාඨක හදවත් කම්පාවට පත් කරයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pani Walalu 3 - පැණි වළලු 3

  • Rs. 800.00

  • KBOOKS Cashback Rewards: 80

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්