• Buruma Samaya - බුරුම සමය

Burmese Days තුලින් ඕවල්ගේ විචාරයට හසුවන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ආසියාතික රටවල පාලනයයි. ඕවල්ගේ දේශපාලන විවේචන කොමියුනිස්ට් විරෝධී පමණක් නොව සියලු ආකාරයේ එකාධිපතීත්වයන්ට එරෙහි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටියකින් සිදුකෙරෙන විවේචන බව පෙනීයන්නේ මෙම නවකතාව තුලිනි. ඔහු 1922-1927 කාලය තුල බ්‍රිතාන්‍ය රාජකීය පොලිසියේ නිලධාරියෙකු ලෙස බුරුමයේ සේවය කළ කාලයේ ලද අත්දැකීම් මෙම නවකතාවට පාදක වී ඇත.

නවකතාවේ එන ජෝන් ෆ්ලෝරි ද එලෙස සවදෙශීය ජනතාවට සමීප වූ සහ අනෙකුත් සුදු ජාතික නිලධාරීන්ට වඩා වෙනස් අදහස් දරන චරිතයකි.
බුරුමයේ ක්යොක්ටාඩා නම් පලාතක සේවය කරන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පහල නිලධාරීන් පිරිසක්, ස්වදේශීය නිලධාරීන් සහ ජනතාව වටා කතාව ගෙතේ. ෆ්ලෝරි යනු බ්‍රිතාන්‍ය දැව සමාගමක සේවයකරන නිලධාරියෙකි. ෆ්ලෝරි ද ඇතුළු සුදු ජාතිකයෝ සත් දෙනෙක් මෙම ප්‍රාදේශීය නගරයේ සේවය කරති. ඔවුන් සියලුදෙනා එක්වන සුදු ජාතීන්ට පමණක් වෙන්වුණු සමාජ් ශාලාව ඔවුන් තමාගේම වූ සමාජයකට දිනපතා කැඳවන එකම ස්ථානය වේ.

මෙම නිලධාරීන් යලි තම මව් රටට යාමට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නැති නිලධාරීන් වන අතර ඔවුන් සියලු දෙනාම පාහේ බ්‍රිතාන්‍යයේ ආර්ථික වශයෙන් පහළ සමාජයේ වැඩි උගත්කමක් නැති පුද්ගලයින්ය. ඔවුහු මෙම බුරුමයේ ප්‍රාදේශීය නගරවල ඉහල නිලධාරීන්ව ස්වදේශීය ජනයා පෙළමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට සහ සමාගම් වලට සේවය කරති.
ලොව පුරා හඹා යන අධිරාජ්‍ය විරෝධී අරගල සමග බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ද යම් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින්, ස්වදේශීය ජනයාට යම් නිදහසක් ලබාදෙමින් සහ ස්වදේශීය නිලධාරීන්ට පාලනයේ වැඩි ඉඩක් ලබාදෙන අධිරාජ්‍යවාදී යුගයේ අවසන් කාලය මෙම කෘතියේ විග්‍රහ කෙරෙන කාලය වේ. ස්වදේශීය නිලධාරී තන්ත්‍රයක් අතට බලය හුවමාරු වීම, එම නිලධාරීන් සුද්දන්ටත් වඩා දරුණු ලෙස ස්වදේශීය ජනයා පෙලන, වංචා දූෂණ වලින් අයතා ලෙස මුදල් උපයන, නම්බු නාම සහ තානාන්තර වෙනුවෙන් ආත්මය පවා පාවාදෙන එකිනෙකාට එරෙහි කුමන්ත්‍රණ මෙහෙයවන අයුරු නවකතාව තුලින් ඕවල් විස්තර කරයි. මෙය බුරුමයේ පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ සියලු බ්‍රිතාන්‍ය යටත්විජිත පොදු තත්වය වූ බව අපි දනිමු. බ්‍රිතාන්‍ය කිරීටය විසින් බුරුමයේ හඳුන්වාදෙන එවැනි නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලට මෙම සුදු නිලධාරීන් දැඩි ලෙස විරෝධය පළකරන අයුරු එලිස් වැනි උග්‍ර වර්ගග භේද වාදී සුද්දන්ගේ චරිත තුලින් ලේඛකයා පෙන්වා දෙයි.

මෙම සුදු අධිරාජ්‍යවාදී නිලධාරීන් ස්වදේශීය ජනයා පෙළමින් සහ කාන්තාවන් ලිංගිකව ඇතුළු සියලු ආකාර වලින් සූරාකමින් ගෙවන ජීවිතය පිළිබඳව හෙළිකරන අතරම ඔවුන් තම මව්රටෙන් වෙන්ව දැඩි නියගය, උෂ්ණත්වය සහ අධික වර්ෂාව වැනි ආන්තික දේශගුනික තත්වයන් යටතේ ද හුදෙකලාව ජීවිතය පිලිබඳ බලාපොරොත්තු සුන්ව ගෙවන දුෂ්කර දිවිය පිළිබඳව හෙළිකරමින් ඔවුන් කෙරෙහි ද යම් මානුෂීය දෘෂ්ටියකින් බැලීමට පාඨකයා පොළඹවයි.

ෆ්ලොරිගේ මිතුරු ඉන්දීය ජාතික වෛද්‍යවරයෙකු වන වේරස්වාමි රජය විසින් පනවන නව ලිබරල් නීති ප්‍රතිසංස්කරණයකට අනුව සුද්දන්ට පමණක් සීමා වූ සමාජ ශාලාවේ සාමාජිකයෙකු ලෙස බඳවා ගැනීම සඳහා ෆ්ලොරි විසින් ගන්නා උත්සාහයත්, එලිස් වැනි වර්ගවාදී නිලධාරීන් ඊට එරෙහිව දක්වන මාරාන්තික විරෝධයත්, නවකතාව පුරා අැදීයන අතර ගැඹුරු දේශපාලන කරුණු ඉදිරිපත් කිරීමට ඉතා හොඳ ආකෘතියක් කතුවරයා විසින් ඒ හරහා ගොඩනගයි.

ප්‍රදේශයේ උප ප්‍රධාන මහේස්ත්‍රාත් යූ පෝ ක්යින් වේරස්වාමි පරදා මෙම සමාජ ශාලා සාමාජිකත්වය ලබා ගැනීමට දරුණු කුමන්ත්‍රණයක නියැලේ. ඔහු වෙරස්වාමිට සහ ෆ්ලොරි ට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණ හරහා අවසානයේ ඔවුන් දෙදෙනාම විනාශ වේ .

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sathwa Govipale Viplawaya - සත්ව ගොවිපලේ විප්ලවය

Sathwa Govipale Viplawaya - සත්ව ගොවිපලේ විප්ලවය

ජෝර්ජ් ඕවල් ගේ Animal Farm ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...

Rs. 300.00

Animal Farm

Animal Farm

All animals are equal , but some animals are more equal than others. ..

Rs. 2,500.00

1984

1984

‘‘තමුසෙට මං කීවද දන්නෙ නෑ යාලූවා. මගේ පුංචි එවුන් අර මාරකැට්ටු වෙළෙන්දියගේ ගවුමට ගිනි තියපු කතාව..

Rs. 600.00

Kodurana Sulanga - කොදුරන සුලග

Kodurana Sulanga - කොදුරන සුලග

බැංකුවක් , තම කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සිය කාර්යක්ෂම සේවාව වෙනුවෙන් වසරකට වරක් පිරිනමන සම්මාන ,ශාඛා ක..

Rs. 500.00