• Katha Kathunge Pathiwatha - කැත කතුන්ගේ පතිවත

ලිංගික අවයවයන්ගේ ප‍්‍රමාණය ගැන සිතා මානසික විස්සෝපයක් ඇති කරගන්නේ පුරුෂ පක්ෂය පමණක් ම කියන්නන් හට නම් අවලස්සන අනුකම්පා කරයි. තම ජීවිත පලාඵල ඇසීමට යන බොහෝ කතුන් මෙසේ අසන බව අවලස්සන අතදැකීමෙන් දනී. “මට ඇත්තේ බැළලි යෝනිය, එයාට ඇත්තේ ඇත් යෝනිය, එයාගෙන් මට හරිම වෙදනයි. සාත්තරයට කියන අනියම් පුරුෂයාගේ ලිංගික අවයව නම් මට ගැලපෙයි. මම එයාගෙන් වෙන් වුණොත් අනාගතයට ප‍්‍රශ්ණයක් වෙදැ”යි බොහෝ කතුන් විමසනු ලැබෙයි. බොහෝ විට පිරිමින්ගේ ලිංගික අවයවයන්හි ප‍්‍රමාණය පිළිබඳ මානසික අවපීඩන තත්වයක් ප‍්‍රකාෂ වන අතර ස්ත‍්‍රීන් නම් සැබෑ ද‍්‍රව්‍යමය තත්වයන් තුලින් උපන් සිතුවිලි ම බොහෝ දුරට එ වැනි ප‍්‍රශ්ණ සඳහා පාදක වී ඇති වග අවලස්සනට ඉතා හොඳින් වැටහී තිබෙයි. පටලවා ගෙන ඇති ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයේ ලිංග පොරොන්දමෙ සත්‍ය අසත්‍ය බව කුමක් වුවත් මිනිසාගේ ලිංගික ප‍්‍රශ්ණ සඳහා සුපැහැදිලි කතිකාවකට නම් එය විශිෂ්ට සාධකයක් ම වී තිබෙයි. ස්වාභාවයෙන්ම සත්ත්ව සංහතියට උරුම වී ඇති විවිධත්වයේ සංවෙදී ස්වරූපය සිතන ද‍්‍රව්‍යයට ද එහි ලිංගික තාක්ෂණයට ද නැතැයි පැවසීම මුලාවක් බව ද අවලස්සන දනී. එහෙයින්ම විවිධ ස්වරූපයන්ගෙන් ආස්වාදය උරගා බැලීමට ඒක ලිංගික පවුල් දෙපාර්තුමෙන්තුවෙ සීමා සහිත භාවය නිසා ම එ වැනි ආකල්පයෝ බොහෝ මිනිසුන් තුළ හොල්මන් කරයි. ස්ත‍්‍රී යෝනිය දරු ප‍්‍රසූතියෙන් පසු හෝ සැත්කම් වලින් විශාල වන මුත් පුරුෂ ලිංගය බද්ධ කිරීමකින් වත් විශාල කිරීමෙ සිරිතක් නැති නිසා ළදරු පිරිමි දරුවන්ගේ ලිංගයට ගම්මිරිස් පිඹ කොහොඹ තෙල් දුන් අල්ලා එය වර්ධනය කිරීමට පුංචි කල සිටම උනන්දු වූයේ ද මව්වරුන්ම බව පුරාවෘත්තික ඇති දැඩි කිරීමෙ නියාමයන් තුළ ලිංගික වර්ධනයට කරන කියන දෙයින් වටහා ගත හැකි වෙයි. පත්තිනි අම්මාගේ ස්වාමියා වළලා තිබුණේ කොහොඹ රුකක් මුලය. පත්තිනි අම්මා පතිවත ආරක්ෂා කරමින් ඉදිකටුමලක් උඩ සිටගෙන බුදු බව පැතීමත් මව්වරුන් පිරිමි දරුවන්ගෙ ලිංගය වැඩීමට කොහොඹ තෙල් පාවිච්චියක් අතර කදිම ලිංගික දේශීය ක‍්‍රමවෙදයක් පෙන්නුම් කරයි. භගමණියේ ස්පර්ශයෙන් පමණක් ස්ත‍්‍රිය තෘප්තිමත් වන වගත් එ හෙයින් පුරුෂ ලිංගයේ ප‍්‍රමාණාත්මක වෙනස සංසර්ගයේ දී ස්ත‍්‍රී ආස්වාදයට අදාළ නොවන වගත් බටහිර විද්‍යා ක‍්‍රමවෙදයේ සඳහන් කරුණු ආසියාතිකයන් මනාව දන්නා මුත් කාම ව්‍යාකරණයන්ගේ ද‍්‍රව්‍යමය සුවිශේෂයකින් පමණක් විග‍්‍රහ කිරීමෙන් ප‍්‍රශ්ණ නොවිසඳෙන වග අවලස්සනට හිතෙයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Katha Kathunge Pathiwatha - කැත කතුන්ගේ පතිවත

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sri Lankawe Kula Sanyuthiya - ශ්‍රී ලංකාවේ කුල සංයුතිය

Sri Lankawe Kula Sanyuthiya - ශ්‍රී ලංකාවේ කුල සංයුතිය

ශ්‍රී ලංකාවේ කුල සංයුතිය අප රටේ සිංහල පාඨකයින් පරිශීලනය කළ යුතු අගනා ග්‍රන්ථයකි...

Rs. 490.00