• Manchu - මාංචු

මගේ මේ නොවටිනා ජිවිතය අල්ලා විනාශ කළ යුතු යිය මම තීරණය කළෙමි. එහෙත් එම තීරණය ගැනීමත් සමඟ බරපතල ගැටලුවක් මතු විය. මරා දැමීමට අල්ලා ගන්නේ කෙසේද?
එය එක තත්පරයක් එක තැනක නොරැ‍දෙයි. උදේ හිට රෑ වනතුරුත්, රෑ නින්දේදී හීනෙනුත් එය කීයක් හරි සොයා ගන්නට අතන මෙතන දුවයි.

ඊයේ මම ජිවිතය ලුහුබඳිමන් සිටියෙමි. එය උගස් බඩු කඩයකදී මට හමු විය. ගෙදර වියදමට කීයක් හරි ගන්නට බිරිඳගේ කරාබුදෙක උගස් තබමින් සිටි මගේ ජිවිතය මම අල්ලා ගතිමි. ඒ වෙලාවේ නම් කොහොමවත් මැරෙන්නට බැරි බව කියමින් ජිවිතය විලාප දෙන්නට විය. කරාබු දෙක උගස් තබා ලබාගත් රුපියල් හාරසිය පනහ ගෙදර ගෙන ගොස් බිරිඳ අතට දීමේ වගකිම තිබියදී මැරෙන්නේ කොහොමදැයි ජීවිතය මගෙන් ඇසීය.

කෙටිකතාවක් කවියක් නිවුන් සොහොයුරන් වැන්න. කළුවර රාත්‍රියක කෙටු විදුලියක් නිමේෂයෙන් මහා ප්ප්‍රදේශයක් හෙළි පෙහෙළි කරන්නක් මෙන් කෙටිකතාව තෝරාගත් සිද්ධි කිහිපයක් හා අර්ථ පුර්ණ බස්වහරක් තුලින් මහා ජිවන ප්‍රදේශයක් කරා එලිය විහිදවිය යුතුය...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Thawath Kamalawiyak - තවත් කමලාවියක්

Thawath Kamalawiyak - තවත් කමලාවියක්

හිරු බැස යද්දී පිපුණු හෙන්දිරික්කා මලක් නැවත හිරු නැගෙන්නට පෙර මැළවී යන්නා සේ කමලාගේ තුරුණු විය පමා ..

Rs. 430.00