• Rathu Idda - රතු ඉද්ද

ඉද්ද ගහේ අතු අග්ගිස්වල තිබුණු සිනාසෙන මල් නෙළාගන්නා විට බිම වැටී තිබුණ මල් හත අටක්ම තමා දෙස මැලවුණු මුහුණින් යුක්තව බලා සිටින බැව් සදවතී දුටුවේ හදිස්සියෙන්ම වාගේය.

"පරවෙන්ඩත් ඉස්සර අපි වැටුණා. සුළග අකාරුණික වුණා."

දෝතට වී සන්වරව සිටි මල් ටික මොහොතකට බිමින් තියා බිමට වී බලා සිටි මල් හත අට නැවත අත පතර රදවන්නට සදවතීට සිතුණේය. එහෙත් බුදු පුදට නෙළාගත් මල්, බිම තබන්නට හොද නැත. ඒත් අකාරුණික ලෙස ඉවත ඉවත බැලීමද නොකළ හැකි දෙයකි.

"ආසා ඇතිනේ...පුන්චි කැකුළු කාලේ ඉදලම අතු අග්ගිස් වලනේ හිටියේ. මද සුලගත් එක්ක සෙල්ලම් කර කර...ඔයාලා වගේම ...ආස ඇතිනේ චුට්ටකට හරි ආයෙමත් උඩ ඉන්ඩ."

සදවතී දෝතේ තිබුණු මල්වලට කොදුරා කීවාය. එය ඇසුණු තවමත් ගහේ සිටින මල් හිස වනා එය අනුමත කෙළේය.

සදවතී නෙළාගත් මල් දහය දොළහ එක් අත්ලකට ගෙන අනෙක් අතේ ඇගිලි තුඩු වලින් බිම වාඩි වී සිටි මල්වල පෙති වලින් අල්ලා ඔසවා අතු අග්ගිස්වල රැදවූවාය. බිමට වැටුණු මල් මොහොතක සතුටක් විදිමින් සිටියදී කොහෙදෝ සිට පැමිණි සුළන් සතුරෙක් අකාරුණික වී ඒ මල් කිහිපය යළි බිමට ඇද දැමුවේය. දෙවෙනි වතාවටද බිමට වැටිමේ වේදනාව විදින්නට ඒ මල් වලට සිදුවිය.

"මං කෙරුවේ ඕනෑ නැති වැඩක්..ජිවිතේදී දෙපාරක් වැටෙන්ඩ ඒ මල් වලට සිද්ධවුණා. ඒක හරි අපරාධයක්"

සදවතී ඉද්ද ගහට කීවේ ඇසෙන නෑසෙන තරමට සෙමිනි. ඉද්ද ගහ අතුපතර සෙලවූයේවත් නැත. ඔහේ තුෂ්ණීම්භූතව බලා සිටියා පමණි.

2012 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kanda Pamula - කන්ද පාමුල

Kanda Pamula - කන්ද පාමුල

2007 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත..

Rs. 400.00

Andakara Tharakawa - අන්ධකාර තාරකාව

Andakara Tharakawa - අන්ධකාර තාරකාව

2009 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත..

Rs. 450.00

Mama Thawama Yami - මම තවම යමි

Mama Thawama Yami - මම තවම යමි

පුංචි දුවේ මල්වර වෙන්න එපා ලෝකය හරිම කළුවරයි මල්වර දුවකට කළුවර අහිතකරයි දෙවියනි මගේ දුව.. මල්වර කරන්..

Rs. 320.00