• Me Rahas Kawluwen Ebenna - මේ රහස් කවුළුවෙන් එබෙන්න

මේ නවකතාව තුළ එක් පසෙකින් දිවෙන අනුරාගික පළිගැනීමේ කතාන්දරයකට තවත් පසෙකින් දිවෙන අහිමිවීම්වල දොම්නසේ කතාවක් මුණගැසී නොගැසී යයි.
නව අගනාගරික මධ්යම පන්තියේ ජීවිතයට අගනගරයට සංක්රමණය වූවන්ගේ ජීවිතය මුණගැසී නොගැසී යයි. මෙවැනි හමුනොවන හමුවීම් සමුදායක කුරිරු සෞන්දර්යයෙන් මේ කෘතිය රාමුගත වී ඇත.
කොළඹ ලෝක වෙළඳ මධ්යස්ථානයේ තිස්හය වන තට්ටුවේ සිට නගරය දකිමින් ඒ මතට පහත් වන බැල්මක් මේ දැන් එතැනින් ඉවතට ඇදී යන KIA ජීප් රථයක් පසුපස හඹා යන අතර නවකතාව දිගහැරෙන්නේ රිය පදවන තරුණ මානව සම්පත් කළමනාකාරවරයාගේ අති පුද්ගලික ජීවිතය වෙත එබෙමින්ය.
සිනමාත්මක සාහිත්ය අත්දැකීමක් ලබා දෙමින් සමකාලීන ලංකාවේ මිනිස් ජීවිතයේ සූක්ෂමතා නිරාවරණය කරන්නට උත්සාහ කරන මෙය හරුකි මුරකමිගේ After Dark නවකතාවේ ආඛ්යාන ශෛලිය සිහිපත් කරවයි.
)

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Me Rahas Kawluwen Ebenna - මේ රහස් කවුළුවෙන් එබෙන්න

  • Rs. 620.00

  • KBOOKS Cashback Rewards: 62

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Premaya Pasasanu Was - ප්‍රේමය පසසනු වස්

Premaya Pasasanu Was - ප්‍රේමය පසසනු වස්

ප්‍රේමය වෙහෙස මහන්සි විය යුත්තක් එය හුදු ආශ්චර්යයක් නොවේ. ඔබ අවධානයෙන් සිටිය යුතුයි. ඔබ සිතිය යුතුයි..

Rs. 350.00

Illirahasiya Saranaththal Uttrunokkil - இல்லிரகசிய சாரளத்தால் உற்றுநோக்கிள்

Illirahasiya Saranaththal Uttrunokkil - இல்லிரகசிய சாரளத்தால் உற்றுநோக்கிள்

"i have been spending my time with and old carzy women.so at least i had imaging thing..."..

Rs. 500.00

Nimnage Ithihasaya - නිම්නාගේ ඉතිහාසය

Nimnage Ithihasaya - නිම්නාගේ ඉතිහාසය

නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09 වන දා යි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිගහැරෙන ඇගේ ..

Rs. 1,200.00