• Natsinge Kathawa - නට්සීන්ගේ කතාව

බි‍්‍රතාන්‍ය ජාතික ඉතිහාසඥ ලෝරන්ස් රීස් විසින් රචිත ඔයැ භ්‘සිථ ් උ්රබසබට රෙදප ්‍යසිඑදරහ කෘතියේ සිංහල පරිවර්තනයයි.
නට්සින්ගේ කතාව, ඉතිහාසයේ සුවිශේෂීම කතා පුවතකි. එය ලේ පිපාසිත උමතු මිනිස් කණ්ඩායමක මිනීමැරුම් පිළිබඳ විස්තරයක් පමණක් නොවේ. මුලදී ඔවුන් සාමාන්‍ය පුද්ගලයන් කණ්ඩායමක් වූවාක් මෙන්ම, ඔවුන්ගෙන් ඇතැමෙක් උසස් මට්ටමේ අධ්‍යාපනයක්ද ලබා තිබුණි. නවසිය විසිගණන්වල මුල් කාලයේ අනෙක් සෑම ජර්මානුවාම මුහුණ දෙමින් සිටි දුෂ්කරතාවයන්ගෙන් බැට කමින් සිටි ඔවුන් පැවතුණේ ආන්තික කුඩා කල්ලියක් ලෙසය. එනිසා මෙය, එවන් කුඩා කල්ලියක් මහා ජන සංහාරයක් වෙත ගමන් කිරීමේ කි‍්‍රයාවලිය පිළිබඳ කතාවකි. පුරවැසියන් ලෙස තමන් සතු අයිතීන් සිය කැමැත්තෙන්ම සිඳ බිඳ ගත් ජනකායකගේ ඉරණම පිළිබඳ කතාවකි. තම අසල්වැසියා කෙරෙහි ඇති වන කුඩා වර්ගවාදී සිතිවිල්ලක්, දක්ෂ අදහස් හසුරුවන්නන් එකෙකු - දෙන්නෙකුගේ මැදිහත්වීම යටතේ ගමන් කරවිය හැකි දුර පිළිබඳ කතාවකි. නට්සින්ගේ කතාව, අනාගතයට කරන අනතුරු ඇඟවීමක් වන්නේ එබැවිනි.
නට්සි ජර්මනිය ලෝකයා වෙත අවසානයේ ගෙන ආවේ ඉන් පෙර මනුෂ්‍ය වර්ගයා කිසිදා අත් නොවිඳි ආකාරයේ දරුණු විනාශයකි. ජනපි‍්‍රය අදහසට අනුව, මේ සියල්ල හිට්ලර් නම් සුවිශේෂී මිනිසා විසින් සිදු කරන ලද වශීකරණයක ප‍්‍රතිඵල විය.
නට්සි අධිරාජ්‍යය හා සබැඳුනු විවිධ සිදුවීම් අත් විඳි, විවිධ තරාතිරම්වල පුද්ගලයන් අති විශාල ප‍්‍රමාණයක් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡුා ඔස්සේ ලෝරන්ස් රීස් නිපදවූ සුප‍්‍රකට බී.බී.සී. වාර්තා චිත‍්‍රපටය, නට්සින්ගේ බලයට එ්මත්, එ් බලය කි‍්‍රයාත්මක වූ ආකාරය සහ නට්සි ජර්මනියේ එදිනෙදා ජීවිතයත් පිළිබඳව ගෙන ආවේ ඊට වඩා සහමුලින්ම වෙනස් චිත‍්‍රයකි. විවිධ හේතු මත නට්සින්ට අනුගතව කටයුතු කළ, විශාල පාර්ශව ගණනාවක් පිළිබඳ කතාවකි. වරක් කියවූ පසුව, ලෙහෙසියෙන් සිතින් මැකී නොයන කතාවකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Natsinge Kathawa - නට්සීන්ගේ කතාව

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Schindlerge Daruwo - ෂින්ඩ්ලර්ගේ දරුවෝ

Schindlerge Daruwo - ෂින්ඩ්ලර්ගේ දරුවෝ

ෂින්ඩ්ල්ර් ගේ දරුවෝ ස්ටීවන් ස්පිල්බර්ග් ගේ Schindler's list සිනමා පටයේ සිටි චරිත පදනම් කරගත් සත්‍ය ක..

Rs. 375.00