• Diya Kadayima - දිය කඩයිම

සොං රජ පෙළපතේ අවසාන කාලයේ දී චීන අධිරාජ්‍යය දූෂිත පාලකයන්ගේ ග්‍රහණයට නතුවීම නිසා රාජ්‍ය විරෝධී කැරලි කණ්ඩායම් පැතිරෙන්නට පටන් ගත්තේය. ෂි නයි අන් පඬිවරයා අවනීතිකයන්ගේ කණ්ඩායමක ප්‍රධානියා වූ සොං ජියැං උදාර පුද්ගලයකු ලෙස චිත්‍රණය කළේය. සෙසු කැරලි නායකයන් වීර චරිත ලෙස හැඩ ගැන්වූයේ ය. එවන් චරිත රුසක් විශ්මයජනක ලෙස හසුරුවමින් බෙහෙවින් රසවත් ප්‍රබල නවකතාවක් ලෙස ‘දිය කඩයිම’ ලොව හමුවේ තැබුවේ ය. චීන සාහිත්‍යයේ සම්භාව්‍ය මහා නවකතා ගණයේ ලා සැලකෙන කෘති හතරක් තිබේ. ඉන් එකක් වන ‘දිය කඩයිම’ භාෂා රුසකට පරිවර්තනය විය. කෘතියට පණ පෙවූ වීරයන් පසුබිම් කරගෙන දෙස් විදෙස් නාට්‍ය, චිත්‍රපට හා ටෙලි වෘත්තාන්ත බිහිවිය. 1997 චීන රූපවාහිනියේ කොටස් වශයෙන් විකාශනය වූ නාටකය සිංහලෙන් හඬ කවා ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිණී නාලිකාව ‘දිය කඩයිම’ නමින් විකාශනය කළේය

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Diya Kadayima - දිය කඩයිම

  • Rs. 1,500.00

  • KBOOKS Cashback Rewards: 150