• Sanhindigiya Hadin - සංහිඳිගිය හදින්

අප බොහෝ දෙනකුගේ නිවෙස්වල බුදුමැඳුරු, වන්දනා කුටි තිබේ. මේ කුටිවල බුද්ධරූප හා දේවරූපද තිබේ. තිච් ඤතාන් හිමියන් අපට ඇරියුම් කරන්නේ හුස්ම ගැනීමට කුටියක් සාදාගන්නා ලෙසය. නිඳන කාමර, කෑම කාමර අතරට හැම නිවෙසකම කුඩා කාමරයක් ආශ්වාස ප්‍රශ්වාසය සඳහාද වෙන් කරන්නැයි උන් වහන්සේ අපට ඇරියුම් කරති. ඒ කුටිය හිස් විය යුතුයැයි අපට සිතෙන්නේ අපේ සාමාන්‍ය දැනුමට අනුවය. එහෙත් ඒ සඳහා පරිස්සමින් තෝරාගත යුතු දේ පිළිබඳව උන් වහන්සේ අවධාරණය කරන්නේ මෙසේය:

එම කාමරය, කුටිය, ඉතා සරල විය යුතු අතර, ඕනෑවට වඩා දීප්තිමත් නොවිය යුතුය. සිහින් සීනුවක් තිබීමත් නරක නැත. මනහර හඬක් ඇති කරන එකක්. වාඩි ගන්නට කුඩා මෙට්ට හෝ පුටු කීපයක්. අපගේ සැබෑ ස්වභාවය සිහිගැන්වීම සඳහා කුඩා මල්බඳුනක්. දරුවන්ට එහි මල් තැබීම, සිනාවක් සමඟ කළ හැකිය. ඔබ පවුලේ පස් දෙනකු වෙති නම්, කුඩා මෙට්ට හෝ පුටු පහක් තිබිය යුතුයි. ඊට අතිරේකව අමුත්තන් සඳහාද තව කීපයක්. විටින්විට අමුත්තකුට ඇරියුම් කිරීමත් හොඳ දෙයකි. ඔහුත් සමග විනාඩි පහක්, දහයක් ආශ්වාස-ප්‍රශ්වාස කළ හැකිය.

ඔබ බුදුරුවක් තබනු කැමති නම්, කරුණාකර ප්රිස්සමින් තෝරාගන්න. බොහෝ විට සංහිඳියාවෙන් හෝ සැහැල්ලුවෙන් තොර බුදු පිළිම දක්නට ලැබේ. ඒවා හදන කලාකරු ආශ්වාස-ප්‍රශ්වාසය, මඳ සිනාව ප්‍රගුණ නොකරයි. බුදුන් වහන්සේ ඔබේ නිවසට එති නම් කරුණාකර ප්‍රවේසමෙන් තෝරාගන්න. අපේ දරුවන් වෙනුවෙන්, බුදුන් වහන්සේ මඳ සිනාවෙන්, සතුටින් සහ සුන්දරව වැඩසිටිය යුතුය. ඔවුන් බුදුන් දෙස බලා, නිවීමක්, සතුටක් නොලබයි නම්, එය හොඳ පිළිමයක් විය නොහැකිය. එවැනි බුදු රුවක් නොලැබේ නම්, නවතින්න. ඒ වෙනුවට මල් මිටක් ගන්න. කුසුමක් යනු බුදු කෙනෙකි. කුසුමක බුද්ධ ස්වභාවය ඇත්තේය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sanhindigiya Hadin - සංහිඳිගිය හදින්

  • Rs. 275.00

  • KBOOKS Cashback Rewards: 28

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Diviya Diviya Amathayi - දිවිය දිවිය අමතකයි

Diviya Diviya Amathayi - දිවිය දිවිය අමතකයි

ප්රේමය හඳුනා ගන්නට කලින්, මම ප්රේම ගීත ගයන්නට පුරුදු වී සිටියෙමි. එහෙත් මා ප්රේමය හඳුනා ගන්නට වූ පසු..

Rs. 150.00

Muniwaraya - මුනිවරයා

Muniwaraya - මුනිවරයා

එම දේශනාව හමාර වන්නා හා ම නීති විශාරදයෙක් එතැනට පැමිණියේය. හෙතෙම මුනිවරයා අමතමින්:‘නීතිය ගැන උගන්වනු..

Rs. 400.00

Shunyathawayada Sapekshathawadayada - ශුන්‍යතාවයද සාපෙක්ෂතාවාදයද

Shunyathawayada Sapekshathawadayada - ශුන්‍යතාවයද සාපෙක්ෂතාවාදයද

බුදුහු මාරයා කරා පැමිණියහ. එසේ පැමිණ මාරයා හට උණුසුම් ලෙස ආචාර කර මාරයාගේ දෑතින් අල්ලාගෙන මෙසේ කී සේ..

Rs. 350.00

Game Sita Sidadiyata Liyami - ගමේ සිට සිදාදියට ලියමි

Game Sita Sidadiyata Liyami - ගමේ සිට සිදාදියට ලියමි

ගමේ සිට සිදාදියට ලියමි නම් වන මෙම කෘතිය අල්ෆොන්ස් දොදේ (Alphonse Daudet 1840-1897) ලේඛකයාගේ Lettres ..

Rs. 450.00