• Systemic Es Aga - සිස්ටමික් ඇස් අග

කඩල කරත්ත
______________________
තිත්ත මීවිතක ඇත්ත රස බලන්නට
පෙරෙත්ත කරන හදවත සඟවන්
ගෙදර යයි කඩල කරත්තය
බදු වැඩි එතනෝල් වඩිය
කට කාරන ගතිය වැඩි ය
ලාම්පු තෙල් දැල්ලෙන් උණුසුම් ව
කටගැස්ම බෙදයි කඩල කරත්ත
ලාබ සිල්ලර අඩුවැඩිය
පුංචි සිලි කවරයේ එල්ලන්
බාගෙට වහන මාළු ලෑල්ල ඉව කර
මලානික පන්දම් එළියෙන්
ගෙදර යයි කඩල කරත්ත
ඉතුරු වුණ කඩල ටික
පුංචි බඩවල් තුනකට
ජීවිතේ කියාදෙන්න
හොඳට ම ඇතියි සිතමින්
ගෙදර යයි කඩල කරත්ත
දූවිලි අහස අස්සෙන්
දිලිසෙන තරු අකුරු දැක දැක
කනිෂ්ටෙ ගාව නැවතී
හිනාවෙයි කඩල කරත්ත
තිත්ත මීවිතක ඇත්ත රස බලන්නට පෙරෙත්ත කරන හදවත සඟවන්
ලහි ලහියෙ ගෙදර යයි
කඩල කරත්ත

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Systemic Es Aga - සිස්ටමික් ඇස් අග

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25