• Menna Methana Kollek - මෙන්න මෙතන කොල්ලෙක්

යොවුන් වියට එළඹෙමින් සිටින පුතෙකුගේ මවක ලෙස, ඒ වයසේ දරු දැරියන්ගේ සිතු තුළ ඇතිවන සංකීර්ණ මානසික තත්ත්වයන් හැකි පමණින් අවබෝධ කරගන්නටත් ඔවුන්ගේ සිත් නොතලා ඒවා විසදා ගන්නට උපකාර කරන්නේ කෙසේද යන්නත් මා නිතර සිතනවා. (ඒත් මා අසාර්ථක වන අවස්ථා බොහෝයි......මට නැවත නැවත මාවම ප්‍රශ්න කරන්නට, මා ගැනම ලැජ්ජා වෙන්නට සිද්ද වෙනවා.....) අහම්බෙන් අත පත් වූ Louis Sachar ගේ There's a boy in the girl's bathroom නමැති මේ අපූරු යොවුන් නවකතාව කියවූ වහාම මා එයට ආසක්ත වන්නට ඇත්තේත්, සිංහලෙන් කියවන දරු දැරියන් සහ වැඩිහිටියන් වෙනුවෙන් එය පරිවර්තනය කළ යුතු යැයි මට සිතෙන්නට ඇත්තේත් ඒ නිසා වෙන්නට ඇති. මෙහි හමුවන ක්ලාරා වැනි අපූරු ගුරුවරියන් ඉද හිට හෝ අපේ දරුවන්ට හමුවෙනවා නම් ගුරුවරුන්ගෙන් සහ සමාජයෙන් කර්කශ ගැරහුම් ලබා, ආත්මයන් තුවාල කරගෙන අධ්‍යාපනය හැර යාමේ අවදානමක් ඇති අහිංසක පොඩි එවුන් කී දෙනෙකුගේ ජිවිත විකසිත කළ හැකි වනු ඇතිද?...

ගුරුවරුන් සහ සිසුන් අතර මහත්අප්‍රසාදයට පත් වී 'මෙලෝ කමකට නැති' ළමයෙකු ලෙස හංවඩු ගැහී කොන් වී සිටින බ්‍රැඩ්ලි චෝකර්ස් නම් දඩබ්බර කොලුවා, තරුණ උද්යෝගිමත් ශිෂ්‍ය උපදේශිකාවකගේ හෘදයංගම ඇසුර ලබමින් , සිය සැබෑ අනන්‍යතාව සොයා ගන්නා අයුරුත්, කෙටි කලක් තුළ ප්‍රබෝධමත්, ආකර්ෂණීය ශිෂ්‍යයෙකු බවට පරිවර්තනය වන අයුරුත් මේ නවකතාවෙන් නිරූපණය වෙනවා. සම්ප්‍රදායික ගුරු ගෝල භූමිකාවෙන් වෙනස් වූ, ඉතා සැහැල්ලු අව්‍යාජ මිත්‍රත්වයක් මේ ශිෂ්‍ය උපදේශිකාව සහ ඇය වෙත පැමිණෙන සිසු සිසුවියන් අතර ගොඩ නැගෙනවා. ගතානුගතික චින්තනයක් සහිත දෙමාපිය සංගමය සහ පාසල් නිලධාරී මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ පාසලෙන් පන්නා දමනු ලැබුවත්, ඇගේ කෙටි ඇසුර නිසා බ්‍රැඩ්ලි ඇතුළු කොලු කෙල්ලන් ගණනාවක් තුළ ගැඹුරු, සාධනීය වෙනස්කම් ඇති වෙනවා. පාසල් ජිවිතය තුළ ගැටවර වියේ දරුවන් මුහුණ දෙන අනේකවිධ ආකාරයේ අත්දැකීම් ඉතා රසවත් සහ විනේදාත්මක ආකාරයෙන් කතුවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා....

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ekolaha - එකොළහ

Ekolaha - එකොළහ

2017 රජත පුස්තක සම්මානය(කෙටිකතා) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...

Rs. 250.00

Le - ලේ

Le - ලේ

"අනේ අම්මේ කෑ ගහන්න එපා .අරුණි ඇහැරුනොත් කෙල්ල බයවෙයි ." මල්ලිකා තම දුබල වූ කටහඬ තවත් පහත් කරමින් කි..

Rs. 450.00

Chakra - චක්‍ර

Chakra - චක්‍ර

2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි."තම ඇසුරේම සිටියේ නම් ඔහු මේ ඉරණමෙන් බේර ගන..

Rs. 450.00

Mama Dan Loku Lamayek - මම දැන් ලොකු ළමයෙක්

Mama Dan Loku Lamayek - මම දැන් ලොකු ළමයෙක්

My Mom's from Planet Pluto ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..

Rs. 420.00

Dolki - ඩොල්කි
Sulu Thani Thitha - සුළු තනි තිත

Sulu Thani Thitha - සුළු තනි තිත

ජයතිලක කම්මැල්ලවීර මහතාගේ ස්වයං චරිතපධානය...

Rs. 550.00

E Sihin Gee Nada - ඒ සිහින් ගී නද

E Sihin Gee Nada - ඒ සිහින් ගී නද

පිපිරෙන රතිඤ්ඤා කියයිමිනිසුන්ගෙ පැතුම්වල තරමඋඩගොස් විසිර බිම වැටෙන මල්වෙඩිපෙන්වයි ඒ පැතුම්වල ඉරණම..

Rs. 450.00