• Kaviyekuta Pem Banda - කවියෙකුට පෙම් බැඳ

මා ගැනම සිතමින්
බස් රථයට ගොඩ වදින නුඹ
මගේම රථයේ
කවුළුවෙන් එහා ඉම
අනන්තය සොයන ඇය

ඔව් මං දන්නවා
ඔව් මං දන්නවා
නුඹ මා ගැනම සිතන වග
දකින දකින මොහොතේ
මතකය අලුත් වෙන වග
අලුත් වුණ මතකයෙන්
කවියක් දෙකක් ලියවෙන වග

ඔව් මට මතකයි
ඔව් මට මතකයි
පැය ගණන් නිදිවරපු බව
නුඹ එහා ඉම
මම මෙහා ඉම හිද
අපි මොනවද කතා නොකළේ
අතීතය
අපිට අතීතයක් තිබුණා
අසුන්දර තැන් මග හැරපු
වර්තමානය
නුඹ සමඟ ගෙවපු සුන්දරම කාලය
මං සමහර දේවල් සගවපු
අනාගතය
ස්ථිර නැති බව දැන දැන ම
අපි දෙන්නම ගොඩනගපු
පිපුරලා යන තුරු ගිනිකන්ද
ඉවසුවා නුඹ
නුඹ දැවෙන බව දැන දැනම

කවුළුවෙන් අනන්තය සොයන
ඇය සමග
කප්පරක් දුක හිතේ සගවගෙන
මේ ගමන අනාගතයට

මගේ රුව දකින වාරේ
මගේ හඩ ඇහෙන වාරේ
තාමත් නුඹ පෙර සේම
'අපේ එක්කෙනා' කියන බව
මං හොදට දන්නවා
නොදන්නවා වගෙ ඉන්නවා....

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kaviyekuta Pem Banda - කවියෙකුට පෙම් බැඳ

  • Rs. 200.00

  • KBOOKS Cashback Rewards: 20

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ralin Rala - රළින් රළ

Ralin Rala - රළින් රළ

" දුර මග ගෙවා ආ රළ  - සොයුරු රළට කීවා   උසුලන්න මේ බර      - 'වෙහ..

Rs. 250.00

Dothak Kawi - දෝතක් කවි

Dothak Kawi - දෝතක් කවි

දෙ - බසක් ඇය - අර බලන්න අනේ හරි ලස්සන මලක් ඔහු - මල වනාහී ස්වභාව ධර්මයෙහි ඇති තාක් සෞන්දර්‍යය හනා..

Rs. 600.00