• Makara Vimana - මකර විමන

මකර විමන අත්භූතයත් විද්‍යා ප්‍රබන්ධයත් අතර ස්ථානයක පිහිටි යොවුන් නවකතාවක් ලෙස මූලිකවම හුවා දැක්විය හැක.කතුවරයාගේ මුකීය අරමුන වන අපූර්වත්වයෙන් එහාට ගිය තවත් එක් නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුව පෙරදැරි කරගෙන ශ්‍රී ලාංකික පාඨකයාට නුහුරු පරිසරයක් වෙත වඩාත් පලපුරුදු ලෙස චරිත හසුරුවා ඇත.කාල තරණය,වෙනත් මාන කරා යාම,අභිරහස් විසදීම වැනි අත්භූත හා විද්‍යා ත්මක ගනයේ පරිසරයක් සොයායන යොවුන් මනසට වඩාත් උචිත වන පරිදි ලියා ඇති මෙම කෘතිය ගෙවී යන සෑම පරිච්ඡේදයක් පාසම එකතු කරන ගැටලු දාමය එකින් එක මනසේ ස්ථානගත කරන්නේ කෘතියේ රසයට හානියක් නොවන අයුරිනි.මෙලෙස කෘතියක් සමග සම්බන්ධ වන පාඨකයා සැබවින්ම එහි එන චරිත හා සටන් වදිනු ඇත.තම මනෝ රාජ්‍ය තුල වඩාත් සාර්ථක ලෙස අධිශ්ඨානශීලීව ප්‍රතිවාදියා පරාජය කිරීමේ අරමුනින් සටන් වදිනු ඇත.සාමාන්‍ය ලොවෙන් එහාට ගිය පුරාවෘත්ත රාශියක එකතුවක් ලෙස දැක්විය හැකි මකර විමන කෘතිය පාඨකයාගේ සියලු සන්වේදනයන් තමා වෙත නතු කරගන්නට තරම් සුශික්ශිත නෛපුන්‍යයකින් රචනා වී ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්