තරමකින් සිත් ගත්ත ද, ඔවුන්ගේ ඒක රේඛීය විපිළිසර සිනහවන්ට අභිමුඛ කඩියාගේ ප‍්‍රතිචාරය වූයේ වගේ වගක් නැති උදාසීන නිහඬතාවයකි. මේ අතරතුරමය ඔවුනගේ ඒ සිනහවන් උදාසීන ඔහුට ක‍්‍රමානුකූල අප්පරියාවක් බවට පත් වූයේ. ඉතින් ඔහුගේ මේ අප්පිරියාව ක‍්‍රමයෙන් විශාල වෙමින් පවතින බැව් නගරවාසීන්ට ද ඉව වැටුනු හෙයින්, ඔවුන් සාමූහිකත්වයේ ධජය එසැනින් වීදිය මත ඉදිකොට එය වටා රැුස්වී ස්වකීය සිනහවන් ගුණාත්මක බවින් තොර යැයි ද, ජීවයෙන් සහ විවිධත්වයෙන් මඳ යැයි ද අනෙනෝන්‍යව විවේචනය කරගන්නට විය. ඉක්බිතිව පරිවර්තනය කරගත් ගුණාත්මක බවින් පොහොසත්, ජීවයෙන් පිරිපුන්, සමච්චල්, වියරු, කට කොන්, කොක්සන්, නොක්කාඩු ආදී විවිධ අංගයන්ගෙන් අනූන සිනහවන් ප‍්‍රබෝධජනකව ද, ඈත්ව-මෑත්ව ද, යමින්-එමින් ද, අවශේෂ අපේක්‍ෂා පසෙකට හෙළමින් ද සාමූහික අභිමානයෙන් යුතුව කඩියාට සහ ඔහුගේ සේනා සභිකයන් වෙත ඔවුන් එසැනින් ඉදිරිපත් කරන්නට විය. ඉන් කඩියා සහ ඔහුගේ උදාසීන නිහඬතාවය අතර පරතරය අවම වන්නට වත්ම එය සහමුලින් ශූන්‍ය කිරීමේ උනන්දුවක් කඩියා තුළ ලියලමින් ආරූඪ විය. මේ ආරූඪත්වය උරගා බැලීමට සරිලන කදිම ඉඩක් නගාරවාසීන් අතරින් සොයමින් සිටියදීය ලියලූ උනන්දුවෙහි ඇති පරිමාව තීව‍්‍ර වන බවක් ඔහුට හැඟී ගියේ. ‘සොයන්නාට සම්බ වේ’ යන පැරණි කියමන සනාථ වූ බවක් ඔහුට සැනෙකින් හැඟිණ. සනාථ වූ ඒ කදිම ඉඩ අහිමි වන්නට ඔන්න මෙන්න කියා තිබියදීය එම ඉඩෙහි හිමිකාරීත්වය සමීපව ඉසිලූ ප‍්‍රතිවාදී නගාරවාසී එකෙකුගේ මුහුණ තුළට කඩියා අයෝමය පුරුෂයෙකුව එබුණේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Hiruth Ekka Heluwellen - හිරුත් එක්ක හෙලුවැල්ලෙන්

  • Rs. 700.00

  • KBOOKS Cashback Rewards: 70