• Senehasaka Urumaya - සෙනෙහසක උරුමය

'නැ නෑ මං මේ කියන්න හදන්නේ ස්වර්ගය මට අයිති තැනක් නොවන බව. එහෙ ඉඳන් මං ඇඬුවා. පපුව පැලිලා යන්න තරමට ඇඬුවා, දුක් වුණා. ඒ මොකද දන්නවද? මට එහෙ ඉන්න බෑ කියලා එතකොට සුරංගනාවන්ට තරහ ගිහින් උස්සලා මාව වීසි කළා වදරිං හයිට්ස් වල බඩ වැටිය උඩට. මම එතකොට එතැනින් නැඟිටලා ආවේ හරිම සතුටකින්.
ඔන්න නෙලී දැන් මේ කතාවෙන් මගේ සිහිනයත්, රහසත්, දෙකම මොකක්ද කියල ඔබට තේරෙන්නට ඇති. අන්න ඒ ස්වර්ගයට මම සුදුසුකම් නෑ වාගේමයි, මම එඩ්ගා ලින්ටන් බැඳලා ලබන ජීවිතයත්. අර ගේ ඇතුලේ ඉඳන් සාප කරන මනුස්සයා, හීත්ක්ලිෆ්ව මේ තරම් පහත් තත්වයකට ඇද දැම්මෙ නැතිනම්, මම ඔය යෝජනාව ගැන හිතන්නේවත් නැහැ. මේ තත්ත්වයෙන් සිටින හීත්ක්ලිෆ් කසාද බඳින එක දැන් මට නව නින්දාවක්.
එයා කවදාකවත් දැනගන්න එකක් නැහැ එයාට මම කොච්චර ආදරේද කියලා. ඒ ආදරය අර මං ඉස්සරවෙලා ඔබට කීව ලස්සන හැඩරුව, වත් පොහොසත්කම් නිසා හටගත් එකක් නොවෙයි නෙලී, එයාට මං ආදරය කරන්නේ එයා මටත් වඩා මං වගේ නිසායි . අපේ ආත්ම දෙක උපදවල තියෙන්නේ එකම වර්ගයේ දෙයකින්. ලින්ටන්ගේ ආත්මයයි, මගේ ආත්මයයි හරියට හඳ එළියයි, විදුලි සැරයයි වගේ. නැතිනම් මිහිදුමයි ගින්දරයි වාගේ, එකකට එකක් පෑහෙන්නේ නෑ.'


Wuthering Heights  කෘතියෙහි සිංහල පරිවර්තනය

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Senehasaka Urumaya - සෙනෙහසක උරුමය

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Jane Eyre - ජේන් අයර්

Jane Eyre - ජේන් අයර්

මම විගස පෙයාර්පැක්ස් නෝනා ගේ කාමරය තුළට ගියෙමි. අවාසනාවට මෙන් fපයාර්fපැස් නෝනා තබා යටත් පිරිසෙයින්..

Rs. 475.00