• Bindunu Samanala Hadawatha - බිඳුණු සමනල හදවත

බිඳුණු සමනල හදවත

ජොන් දොමිනික් බොබි
පරිවර්තනය - රුවිනි තල්පාවිල

...එක් වරක් ඇසිපිය සැලීම ‘‍ඔව්’‍ යන්නත්, දෙවරක් සැලීම ‘‍නැත’‍ යන්නත් මේ අදහස් හුවමාරු කර ගැනීමේ මුල් පදනමයි. ප්‍රංශ හෝඩියේ (ඉංග්‍රීසි හෝඩියමය) සියලු‍ම අකුරුවලට අංකයක් ලබා දී, විශේෂයෙන්ම වැඩි වශයෙන් භාවිතා වන E S A R I N T U L අකුරු සංඛ්‍යා ගත කර, ඒ සංඛ්‍යා අනුව ඇසිපිය සැලීම පොත ලියන්නට ඩොමිනික් සහ Claude Mendivil යොදා ගත් උපක්‍රමයයි. මා වටහා ගත් ආකාරයට නම්, උදාහරණයක් ලෙසින් T අකුරට හිමිව ඇත්තේ අංක 10 නම් ඩොමිනික් විසින් සැලිය යුතු ඇසිපිය ගණන 10කි.

සෑම දිනකම අලු‍යම හතරට රෝහල් කාමරයේ අවදි වන ජොන් දොමිනික් තම හෙදි සහයිකාවගේ උපකාරයෙන් පැය හතරක කාලයක් පුරා පොත ලියන්නට පටන් ගත්තේය. රෝගියා ඇසිපිය සලන වාර ගණන ගණන් කර, ඒ හා සැසඳෙන හෝඩියේ අකුර සටහන් කර ගන්නා ඇය නිසි වචනය ගොඩ නැගුවාය. මේ ආකාරයෙන් එක වචනයක් ලියන්නට ගත වුණු කාලය විනාඩි හතරකි. පිටු 144 ක කුඩා පොතක් වුවද එය නිම කර ගන්නට ගත වුණු කාලය සිව් වසරකි.

තවත් ආකාරයකින් කියන්නේ නම් Le Saphandre et le Papillon පොත ලියවී ඇත්තේ 200000ක වාරයක් ඇසිපිය සැලීමෙනි.

මේ පොත රසවත් කතාවකින් යුත් නවකතාවක් නොවේ. එය මහා සාහිත්‍ය ගුණයන්ගෙන් පිරි නිර්මාණයකුත් නොවේ. එහෙත්, එය වනාහි අසමසම පොතකි. මිනිසෙකුගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙසින් බිහිව ඉතිහාසයට එක් වූ කෘතියකි. තමන්ගේ අනතුර, යළි අවදි වීමෙන් පසුව ඇති වූ සිතුවිලි, රෝහලේ ගෙවන දවස්, රෝහලේ විස්තර, ආහාර පාන, පවුලේ උදවිය, දකින සිහින, නගරයේ අතීත ජීවිතය මේ ආදී වශයෙන් දෛනික සිද්ධි දාමයක් පොතට ඇතුළත් වී තිබේ. අද දවසේ Locked - in Syndrome නම් රෝගය ගැන කතා කරද්දී පමණක් නොව, මිනිසෙකුගේ මකා දැමිය නොහැකි අධිෂ්ඨානය ගැන කතා කරද්දී ජොන් දොමින්ක්ගේ මේ පොත මුල් තැන ගනී..."

- මංජුල සේනාරත්න මුහුණු පොතෙහි තැබූ සටහනකින් උපුටා ගැනිණි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Unu Paan Saha Thawath Katha - උණු පාන් සහ තවත් කතා

Unu Paan Saha Thawath Katha - උණු පාන් සහ තවත් කතා

කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි (1892-1968), උසස් ගණයේ කෙටිකතා සහ නවකතා රැසක් ලොවට දායාද කළ ප්‍රතිභා ..

Rs. 650.00