• Katha Gahaniyage Heenaya - කැත ගැහැනියගේ හීනය

දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව. එකිනෙකා ඇලී ගැලී හිටපු සෙයියාවෙන් කරන්ට් වැදිලා වගේ දුරස් වෙනව.

‘හායි දෝණි... අද පන්ති කලින්ම ඉවර වෙලා වගේ....’ -රාජ් අන්කල්.
දෝණිත් ‘හායි’ පාරක් දාගෙනම කාමරයට ගිහිල්ල ඇඳුම් පිටින්ම, එල්ලගෙන ආපු බෑග් එක පිටින්ම ඇඳේ දිගාවෙනවා.
‘දෝණි අද හවසට අපි සීයා බලන්න යනව. ඇඳගන්න.’ -අම්ම.
ඇස්දෙක පියාගෙන ඉන්නකොට සාලේ මුනුමුනුව යාන්තමට වගේ දෝනිගේ කනට යනව. ඒ ලෙවල් පන්තියෙන් අනතුරුව බස්එකේ තෙරපුමේ ගමන් මහන්සිය ඇඳ උඩ දියකර හරින ගමන්.

‘දෝණිට මේවා හැඩල් කරන්න පුළුවන්... එයා සෙන්ටෙනියල් ගර්ල් කෙනෙක්නෙ’- රාජ් අන්කල්.
දෝණි ෆෝන් ඒක අරගෙන සෙන්ටෙනියල් වචනේ තේරුම හොයනව. ෆෝන් එක පපුවට තියන් සිවිලිමට හිනා වෙනව. සාලේ දොර ඇරිලා වැහෙන සද්දේ ඇහෙනව. ඊට පස්සේ කාර් එකේ දොර. කාර් එක ස්ටාර්ට් වෙන සද්දේ.
දෝණිට රාජ් අංකල් ගැන ආදරයක් ඇතිවෙනව.

අම්ම කාමරේට එනව. කේක්ද මොනාද අතේ. ජනේලයෙන් එළියේ බලාගෙන දෝණිගේ ඔළුව අතගානව.
දෝණිට අම්ම ගැන දුක හිතෙනව.
‘රාජ්.....පර දෙමල. ත්‍රස්‌තවාදියා.’
අම්මයි තාත්තයි රාජ් කියන නම මැදි කරගෙන හයි හයියෙන් කථා කරනවා. තාත්ත බනිනවා. අම්ම අඬනව. දෝණි කාමරයට වෙලා අහගෙන ඉන්නව. මේ වගේම. ගහ බැනගැනීම් වල සද්දේ වැඩිවියට පත්වූ එක් අවස්ථාවක තාත්ත ගෙදරින් යනව. අම්මත් ගෙදරින් යනව. අතට අහුවෙන අඩුම කුඩුම ටිකක් එකතු පහදු කරගෙන, දෝණිත් ඉස්සර කරගෙන. දෙන්නම පුංචි තට්ටු ගෙදරක නතර වෙනව. වැඩි කථා බහක් නැතිව. මාස කීපෙකට ඉස්සර.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Katha Gahaniyage Heenaya - කැත ගැහැනියගේ හීනය

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sudu Pate Suranthaya - සුදු පාටේ සුරාන්තය

Sudu Pate Suranthaya - සුදු පාටේ සුරාන්තය

සරද සමරසිංහගේ දෙවන කෙටි කතා සංග්‍රහය වන ''සුදු පාටේ සුරාන්තය''නැවුම් භාෂා විලාසයකින් සහ පර්යේෂණාත්මක..

Rs. 300.00