• Kavikam Manaram - කවිකම් මනරම්
කවිකම් මනරම් නම් වූ මේ ග්‍රන්ථය කවි රස විඳීමට ඉගෙන ගැනීමට හා ඉගැන්වීමට අවශ්‍ය මඟ පෙන්වීමක් වශයෙන් රචනා කර ඇත. කවියක් රස විඳීමට කිසියම් පුහුණුවක් අවශ්‍ය වේ. කවියා වචනවලින් පුද්ගලානුභුතියක් කාව්‍යානුභුතියක් බවට පත්කිරීමට අවශ්‍ය වර්ණ හා හැඩතල මවන්නෙකි. එනිසා පාඨකයා කවි කියවිය යුත්තේ විවේක බුද්ධියෙනි. කවියා සමඟ භාවමය සම්බන්ධතාවක් සඳහා පාඨකයාට කිසියම් සංවේදීතාවක් තිබිය යුතු ය. ඉවසීමෙන් හා සංයමයෙන් කවි පරිශීලනය නො කර උපයුක්ත බසත් ව්‍යංගාර්ථත් අවබෝධ කර ගැනීමට නුපුළුවන. පාඨකයා ඊට අසමත් වුව හොත් කවියක අරුත මෙන්ම රසය ද නොවැටහෙයි. වින්දනයක් නියමාකාරයෙන් නො ලැබෙයි. ඒ නිසා කවි රස විඳීම සියුම් කටයුත්තකි. එමෙන්ම එය ආස්වාදජනක කටයුත්තකි. කවිය පාඨක සමාජයෙන් ඈත් වී තිබෙන්නේ මේ සියුම් කටයුත්තට අවශ්‍ය පුහුණුවක්, යම් ශික්ෂණයක් පාසලෙන් නො ලැබෙන බැවිනි....

අද ගීතය ජනප්‍රිය සාහිත්‍යාංගයකි. හොඳ හැම ගීතයක ම විශිෂ්ටත්වය විමසන විට කවියා සතු පෞරුෂය මැනවින් පෙනේ. කවියෙන් ම උපන් කවියෙන් ම පෝෂණය වූ ගීතය අද විපරීත තත්ත්වයකට පත් ව ඇත්තේ කවියත් කවියාත් නො සලකා හැර තිබෙන බැවිනි. කවියා ය ජීවන අරුත් කුළුගන්වමින් රසිකයා ගේ භාවමය ජීවිතය පෝෂණය කරන්නේ. නාදයෙන් කරන්නේ කාව්‍යෝක්තින්හි ගැබ් ව ඇති අර්ථ මාධුර්යය උද්දීපනය කිරීමකි. එය නො දන්නා හා නො තකන උදවිය හුදු නාදය ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් ගීතය අවර ගණයේ සාහිත්‍යංගයක් බවට පත් කර ඇත.මේ ග්‍රන්ථය තුල කවිය හා ගීතය පසමිතුරන් සේ සලකා නැත. සැම විට ම උත්සහ දරා ඇත්තේ රසික මනසෙහි චමත්කාරය ජනනය කිරීමට ඉවහල් වන කවි කල්පනාවන් ගේ අපූර්වත්වය විශද කිරීමටයි.කාව්‍ය අධ්‍යයනයේ නිරත අයට පමණක් නො ව මෙය සාමාන්‍ය රසිකයාට ද ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Videsheeya Ketikatha Sangrahaya - විදේශීය කෙටිකතා සංග්‍රහය

Videsheeya Ketikatha Sangrahaya - විදේශීය කෙටිකතා සංග්‍රහය

හැමෝගෙම සමච්චලයට ලක්වෙන ගිම්පල් නම් මෝඩයා එදා රාත්‍රියෙහි හිතනවා පස්සෙන්දට නගරයටම හදන පාං වල පිටිමෝ..

Rs. 850.00

Sinhala Keti Katha Sangrahaya - සිංහල කෙටි කතා සංග්‍රහය

Sinhala Keti Katha Sangrahaya - සිංහල කෙටි කතා සංග්‍රහය

මාර්ටින් වික්‍රමසිංහ විසින් ප්‍රතිපාදනය කරන ලද යථාර්තවාදී සිංහල කෙටි කතා කලාවේ විකාශනය අධ්‍යනය කිරීම..

Rs. 880.00

Nava Kavi Sangrahaya - නව කවි සංග්‍රහය

Nava Kavi Sangrahaya - නව කවි සංග්‍රහය

නූතන කවි මඟ අධ්‍යනය කරන්නෙකුගේ අවධානයට ලක්වියයුතු යැයි සිතන මුනිදාස කුමාරතුංග, විමලරත්න කුමාරගම සහ එ..

Rs. 800.00