• Lotus - ලෝටස්

2013 වසරේ විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් පිදෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබූ  ‘හැටේ වත්තේ මග්දලේනා’  ලියු සෞම්‍ය සදරුවන් ලියනගේගේ ප්‍රථම නවකතාව.


“පළවෙනි කාරණේ; ප‍්‍රමිලා කියන්නෙ නිකම්ම නිකං ගමේ ගොඩේ ගෑණියෙක් නෙමෙයි. රජ්ජුරුවන්ට අයිති වස්තුවක්. තවත් විදියකට කිව්වොත්, රාජ්‍ය දේපළක්. රජ බිසවක් වුණත්, නැතත්  ඕනම ගෑණියෙක් තමන්ට අයිති නැති පිරිමියෙක් එක්ක, අයිති නැති ඇඳකට ගොඩවෙන්නෙ ලොකු විශ්වාසෙකින්. එහෙම තමන්ව විශ්වාස කරල ඇඳට ගොඩවුණු ගෑණිව හෙළිදරව් කිරීම පාවාදීමක් නෙමෙයිනං වෙන මොකක්ද?”


“ගොඩක් අය තරු ගැන කතා කළාට කවුරුවත් කතාකරන්නෙ නෑ ඒ තරු පිටිපස්සෙ තියෙන අඳුර ගැන. මතක තියාගන්න, තරුවකට දිළිසෙන්න බෑ කවදාවත් ඒ කළුවර නැතුව. දීප්තිය වැඩිවෙන තරමටම කළුවරත් වැඩි වෙනවා. ඒ කියන්නෙ තරුවකට සිද්ධවෙනවා කොන්දේසි විරහිතව ඒ ගන අන්ධකාරය ඉවසන්න...”


“බය වෙන්න එපා... මේ මම... ”

එහෙම කියාගෙනම තට්ටු ගාණක් උඩ තිබුණු ඒ හෝටල් කාමරේ ජනෙල් පඩිය උඩට අමාරුවෙන් බඩගාලා ගොඩ වුණු කෙනා හරි බරි ගැහිලා ජනෙල් පඩිය උඩින් වාඩි වුණා.

“මොනාලිසා..! ”

ගල්කිස්සේ තද රතු ඇතිරිල්ලක් දාපු කාමරේ බිත්තියක එල්ලිලා හිටපු මොනාලිසා රැකවල් ගොඩක් මැද තිබුණු ඒ තරුපහේ හෝටල් කාමරයට ආරක්ෂකයන්ගෙන් බේරිලා ආවෙ කොහොමද කියලා මට හිතාගන්නත් බැරි වුණා.

“ඔයා කොහොමද ආවෙ..?”

“ලූවර් කෞතුකාගාරෙ විතරක් නෙමෙයි, මං දැන් ඉතින් පිටකොටුවෙ පේමන්ට් එකෙත් ඉන්නෙ. පහළ තට්ටුවේ පිළිගැනීමේ කවුන්ටරේ පිටිපස්සෙත් මං හිටියනෙ. සමහරවිට කලබලේට ඔයා මාව දකින්න නැතුව ඇති...”

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Hate Waththe Magdalena - හැටේ වත්තෙ මග්දලේනා

Hate Waththe Magdalena - හැටේ වත්තෙ මග්දලේනා

2013 වසරේ ප්‍රකාශිත ‘හැටේ වත්තේ මග්දලේනා’ කෘතිය කතුවරයාගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. එම වසරේ විශිෂ්ඨතම..

Rs. 200.00

Numba Noea Nam Kiyanna - නුඹ නො ඒ නම් කියන්න

Numba Noea Nam Kiyanna - නුඹ නො ඒ නම් කියන්න

2016 වසරේ ප්‍රකාශිත ‘නුඹ නො ඒ නම් කියන්න...’ කාව්‍ය සංග්‍රහය කතුවරයාගේ දෙවන නිර්මාණ එකතුවයි. ප්‍රේම..

Rs. 200.00