• Nirgami - නිර්ගාමි

පඨවි ආපෝ තේජෝ වායෝ යන ස්කන්ධයන් ගෙන් සුසැදි ලෝක ධාතුව කම්පා වෙමින් ඇත. අනන්ත අප්‍රමාණ විශ්වය හරහා සැඩ සුළඟක් හමා යන්නට විය. හෙළ හඩ පුපුරවමින් වැටි අසනි මහ වරැෂාවකින් මහ පොළොව තෙමි ගියේය. අනන්ත අප්‍රමාණ විශ්වයේ සැරිසරන පාපයට කැමති වුවෝ උන්වහන්සේගේ චිත්ත සමාධිගත ගමන් මග අහුරමින් මහා ශබ්ද ගෝෂා ගන්නට වුහ. එහෙත් ආරම්මණයෙන් තම සිත මුදවා නොගත් උන්වහන්සේ යළි යළිත් හිස් අවකාශයේ මන්දාකිණි තරැ වළල්ල අතරින් තමන්ගේ චිත්ත ශක්තිය මුදා හරිමින් සංසාර ගමන් මගේ කර ගත්තාවු පාපකර්මයන් නිසාවෙන් අනේක දුක් විදින්නා වූ විරෑපි අරෑපි ප්‍රේත පිසාච කුම්භාණ්ඩයින් අතරින් රිංගා එමින් සිටින්නෝය. විටෙක උන්වහන්සේට ඇසෙන්නේ බැණ අඩගැසිම්ය. තවත් තැනෙක අදෝනාව නගන උන්ය. කඩු කිණිසි අමෝරාගත් යමපල්ලන් සේ සමහරැ උන්වහන්සේ ගේ ගමන් මග අහුරති. එහෙත් සංසාරයේ කරගත්තා වූ අනේක පූණ්‍යකර්මයන් බෙලෙන් ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටින උන්වහන්සේ ගේ චිත්ත ශක්තිය වේරම්භ වායු ධාරා කපාගෙන ආරම්මණය කරා ළගා වෙමින් සිටී.

අවසානයේ ... උන්වහන්සේ මේ මනු ලොවට ප්‍රාදූර්භූත වූහ...!!!

නිර්ගාමී - පිටු අංක 47

ගෙයි අංගපුලාවකට නැති වුනාට මක්කා වෙනවද. බොලාලා අංගපුලාවකට ඉන්න කොට. යං ගමකට ඉහළ නිලමක්කාරයෙක් ආවොත් නවාතැන් කෑම බීම සැපයීම වසමේ යටත් නිලමක්කාරයගේ රාජකාරියට සවිවුන දෙයක්. මහ රජ්ජුරැවෝ ආවත් නවාතැන් ගන්නෙ ගමේ නිලමක්කාරයගේ ගෙදර. වෙන අවශේෂ ගෙවල්වල නැවතීම වසමේ නිලමක්කාරයට කොරන මදි පුංචි කොමක් ඔහොම වුණොත් නවාතැන් දුන්නා එකා නිලමක්කාරයට උඩින් යනවා. ඉදුම් හිටූම් ඉතරක් මැදෑ.. කෑම බීම ඉතරක් මැදෑ...ඉහළ නිලමක්කාරයට ඕන අනිත් අවශේෂ දේවල් වුනත් සැපයීම යටත් නිලමක්කාරයගේ රාජකාරියේ කොටහක්... ඔව්වා ඉතින් ඒ කාලේ හිටං එන චාරිත්තර නොවැ..

එතනාගේ ඇස් දෙක එක එල්ලේ බලා කපුරැ බණ්ඩාර කී කතාව ඈට දරාගත නොහැකි විය.
නිර්ගාමී පිටු අංක 101 - 103

කොහෙද.. අද පං ගෙඩි විස්සයි පිච්චුවේ. රෙඹත් නැතුවා....ආං අන්තිම එක උඩගෙදර සීමංගේ මායියා ඉල්ලගෙන ගියේ කනපින්දං කියලා..අපිට කන්න තියාගෙන උන්නු එක. පොඩි එව්වෝ ආසයි මනාපයි කිව්ව කොටි දුන්නා. හෙටත් හවස එකක් තියන්ට කියලා කාසියක් දිලා ගියකොට. උඹටත් රනින් කාසි දිලා පලයං හෙටවත් එකක් අරං තියන්ට බැරැවා

නිර්ගාමී පිටුව 375

සුමේධ ගේ සසර කෙටි වෙනවා නං මේ පන්සල පැවරිල්ලෙන් මං මේ මොහොතේ එහෙම කොරනවා. පන්සල ලියා ගත්තා කියලා සංසාරය කෙටිවෙන්නෙ නැතුවා... ඒකට වත්පිළිවෙත් පිරැවනං අහකයි

නිර්ගාමි පිටුව 565



Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Uve Wan Hun - ඌවේ වං හුං

Uve Wan Hun - ඌවේ වං හුං

‘‘ඌවේ වංහුං’’ වූ කළි වැව් ලක්‍ෂයක් වෙල් ලක්‍ෂයක් වෙහෙර විහාර ලක්‍ෂයක් ස`ගවාගත් බිමකඩක ඓතිහාසික උරුමය..

Rs. 500.00