• We Kadawara - වෑ කඩවර
නවකතා අතර ද ඓතිහාසික නවකතා කැළ ම දුෂ්කරය. එහිදි පවත්වාගත යුතු මානක සරු ලෙස ජය ගැනුම සැමට ම කළ හැක්කක් ද නොවේ. ‘‘වෑකඩවර’’ ප‍්‍රබන්ධය පිණිස කෝවිලතැන්න විසින් කරන ලද පූර්ව පර්යේෂණය පෝෂිතය. එය ඔහුගේ නිජබිම ද වන ‘‘ස`ගබේගමුව’’ හෙවත් හම්බේගමුව පුරා කතාව ද දරාගෙන සිටියි. 1817/18 වකවානුවෙන් ආරම්භ වන ආඛ්‍යානය 1890 ඇහළ මස වන විට පරිච්ෙඡ්ද 23 කතා වස්තුවකි. කන්දෙපල්ල කෝරළය කේන්ද්‍රකොට ගෙන පල්ලේමලල, වැලිගත්ත බ`දු ඈත රුහුණේ මහා පදාසයක ද මහනුවර නියමකන්ද පරිවෙන හෝ මූදුකරය තෙක් වාචිකව ද කතාව පැතිරි සිටියි. 1818 විමුක්ති සටනින් පසු කැළෑ වැදී බෝගමුවේ නිලමේ ප‍්‍රමුඛ පවුල් කිහිපයක් වටා ගෙතෙන කතාව කියවීමේ රුචිය නොනසා තබා ගැනීම එක් අතකට සමකාලීන නවකතා කලාවට ද කළ අභියෝගයකි. බෝගමුව නිලමේගේ චරිතය හුදු වීර චරිතයක සිර නොකොට සමාන්‍ය මිනිසා වි`දින පිරිපත, බි`දවැටූම්, පිරිහීම්, ආදි අටලෝ දහමට එක`ග සේ මුදා හැරීම එක් අතකට ඓතිහාසික නවකතාවට යථාර්ථවාදී මාත‍්‍රාව සැපයීමකි. කැප්පෙටිපොළ, ඇහැළේපොළ, කොහුකුඹුරේ, කිවුලෙගෙදර, විල්බාවේ මගින් ආඛ්‍යනය සත්‍ය සම`ග මුසු වේ. ‘‘වෑකඩවර’’ තුළ පාඨක රුචිය දිනාගැනීමේ ගුණය ඇත.

සබරගමු විශ්ව විද්‍යාලය
ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

We Kadawara - වෑ කඩවර

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Uve Wan Hun - ඌවේ වං හුං

Uve Wan Hun - ඌවේ වං හුං

‘‘ඌවේ වංහුං’’ වූ කළි වැව් ලක්‍ෂයක් වෙල් ලක්‍ෂයක් වෙහෙර විහාර ලක්‍ෂයක් ස`ගවාගත් බිමකඩක ඓතිහාසික උරුමය..

Rs. 500.00